අනාගතයට ගැලපෙන තරුණ ප්‍රජාවක් නිර්මාණය කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයි – අලුත් පියාපත් – Saru News | සිංහල

0
6

“යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් තාරුණ්‍යයේ පෙළ ගැස්ම” අලුත් පියාපත් සංවිධානය විසින් අද (21) කොළඹ දී මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබිණි.

ඒ වර්තමානය වනවිට අන්දෝලනාත්මක සිදුවීමක් වී තිබෙන අධ්‍යාපන ප්‍රතිසංකරණ සම්බන්ධයෙන් අදහස් දැක්වීමටය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අලුත් පියාපත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සමාජිකා මොනාශා ඕශදී පෙන්වා දුන්නේ අනාගතයට ගැලපෙන තරුණ ප්‍රජාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම අත්‍යවශ්‍ය බවයි. ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙමෙ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටිම වෙනුවෙන් අධ්‍යාපන ඇමති අගමැති හරිනි අමරසූරිය ඉලක්ක කරගෙන විපක්ෂයේ හැසිරීම ඉතා පහත් ක්‍රියාවක් බවයි. එය විපක්ෂය විසින් කාන්තාව තම දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කිරීමක් බවද ඇය අවධාරණය කළේය.

තවදුරටත් අදහස් දක්වමින් අලුත් පියාපත් සංවිධානය කියා සිටියේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් දෙමාපියන් හා ගුරුවරුන් දක්වන අදහස් පිලිබද සොයා බලන ලෙසත් සමාජ අවශ්‍යතාවයක් ලෙස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වර්තමානය වනවිට පෙන්වා දිය හැකි බවත්ය. ඒ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක් වූ අලුත් පියාපත් මෙහෙයුම් කමිටු සමාජික මනෝජ් ප්‍රකාශ කර සිටියේ මොඩියුල ක්‍රමයක් මගින් අනාගත අවශ්‍යතා වෙනුවෙන් දරුවන් පෙළ ගැස්සවීම ඉතා අගනා බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අලුත් පියාපත් මෙහෙයුම් කමිටු සමාජික සචිත් රුක්ශාන් පෙන්වා දුන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් විපක්ෂය කළ යුත්තේ වරදක් ඇත්නම් පෙන්වා දෙමින් විපක්ෂයේ වගකීම ඉටු කිරීම බවත් ඒ වෙනුවට ඔවුන් කරමින් සිටින්නේ දරුවන්ගේ අනාගතය බිල්ලට දෙමින් ඔහුන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටීම බවත්‍ය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම ප්‍රතිසංස්කරණ කල් දැමීම හරහා රටේ අනාගතය වසර ගණනකින් යල් යන බවත් ඒ නිසාවෙන් විපක්ෂ විරෝධතා ගණන් නොගෙන රටේ අවශ්‍යතාවය වෙනුවෙන් වහාම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසත්‍ය.


2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here