අන්තවාදී දේශපාලනය රට තුළ යළි නිර්මාණය වීමට කිසිදු ඉඩක් තබන්නේ නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත පවසනවා.
ජනතාවගේත් රටේත් ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි ජනාධිපතිවරයා කියා සිටින්නේ.
මඩකලපුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළා.
මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජන හමුව සංවිධාන කර තිබුණා.
විශාල පිරිසක් ඊට එක්ව සිටි බවයි වාර්තා වන්නේ .
Saru FM Media