අන්තරේ කැඳවුම්කරු සහ නදුන් වහා නිදහස් කරනු – සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක්! (PHOTO STORY)

0
13


කොළඹ LNW:සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත් සහ නදුන් දර්ශිත වහාම නිදහස් කරන ලෙස බලකරමින් අද (03) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී ඒකාබද්ධ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් අනුමත පටිපාටියට සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්න ලෙසද එහිදී බලකෙරුණි.

එමෙන්ම රෝගී ජීවිත අනතුරේ හෙළන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවයට හානි කරන උපාධි කඩ අහෝසි කරන ලෙසද එහිදී විරෝධතාකරුවන් රජයට බලකරන ලදී.

මෙම විරෝධතාවට පොලීසියේ බාධා කිරීමක් සිදුනොවුණි.

ජායාරූප -අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here