අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු දෙදෙනෙකු ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා .
සෙසු සිසුන් 25 දෙනාට ඇප ලබා දී ඇති බවයි අප මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණ වාර්තාකරු සඳහන් කළේ .
විභාග නොපවත්වා සෞඛ්‍ය සේවයට බඳවාගැනීම් සිදුකරන ලෙසට ඉල්ලා උද්ඝෝෂණය කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 27 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.
සම සෞඛ්‍ය උපාධිධාරීන් සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ (27) රාත්‍රියේ කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා තිබුණා.
කෙසේ වෙතත් මහජනතාවට අවහිරවන පරිදි සත්‍යග්‍රහ පැවැත්වීම වාරණය කරමින් නිකුත් කර තිබූ උසාවි නියෝගයක් පදනම් කරගනිමින් සහ මැතිවරණ කාලසීමාවක් තුළ පෙලපාලි පැවැත්වීම යන කරුණු පදනම් කරගනිමින් ඊයේ (27) රාත්‍රියේ පොලීසිය සිසුන්ගේ තාවකාලික අට්ටාලය ඉවත්කර තිබුණා.
එම අවස්ථාවේ අ.වි.ශි.බ.ම. කැඳවුම්කරු ඇතුලු සත්‍යග්‍රහයේ සිටි 27 දෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.
වසර 4ක් පුරා සම සෞඛ්‍ය උපාධිධාරීන් මෙරට සෞඛ්‍ය සේවයට බඳවා ගැනීම් සිදු කර නොතිබූ අතර වත්මන් ආණ්ඩුව එම උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ සඳහා යෝජිත තරඟ විභාගය නොපවත්වා සියලු සම සෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට ආණ්ඩුවට බලකරමින් මේ විරෝධතාවය සංවිධානය කර තිබුණා.
Saru FM Media