අන්තරේ කැඳවුම්කරුටයි රවී කුමුදේශ්ලාටයි එරෙහිව පොලිසිය අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ආඥාවක් අරන්! Sri Lanka Latest News

0
7


බොරැල්ල පොලිස් වසමේ බොරැල්ල කාන්තා කාසල් රෝහල ඉදිරිපිට හෝ ඒ අවට ප්‍රදේශවල අද (27) පෙරවරුවේ පෙලපාලියක් ගමන් කිරීම, රාජ්‍ය ආයතනවලට ඇතුළු වීම, මාර්ගවලට ඇතුල් වී මහා මාර්ගයේ ගමන් ගන්නා වාහන වලට විශේෂිත ගිලන් රථ වලට හා වෙනත් තැනැත්තන්ට මාර්ගයන් භාවිතා කරන තැනැත්තන්ට පීඩාවක් ඇතිවන අන්දම වලක්වාලමින් පිරිසකට අළුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා. Sri Lanka Latest News

ඒ අනුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන මධුෂාන් චන්ද්‍රජිත්, සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සම කැඳවුම්කරු එම්. එන්. එම්. නුස්රි, සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව ලේකම් නදුන් දර්ශිත හේවාපතිරණ සහ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් හට මෙම ආඥාව නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අද දින විරෝධතා කරුවන් පිරිසක් බොරැල්ල පොලිස් වසමේදී, සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීමට අදාලව පවත්වනු ලබන තරඟ විභාගයට විරෝධතාවක් පැවැත්වීමට හා එම විභාග මධ්‍යස්ථාන වල ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කිරීමට කටයුතු සුදානම් කර ඇති බවට බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත සිදුකළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුර්ව මෙම තහනම් ආඥාව නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here