“අන්තර්ජාල වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්න”

0
2

ඉදිරි උත්සව සමයත් සමඟ අන්තර්ජාලය හරහා පළ වන වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

එම සංසදයේ ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුනුපොල මහතා සඳහන් කළේ, මේ වසරේ ගත වූ මාස දෙක තුළ අන්තර්ජාල වංචා සම්බන්ධ සිදුවීම් කිහිපයක්ම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට වෙත වාර්තා වී ඇති බවය.

ඔහු පෙන්වා දුන්නේ, ඉදිරියේ පැමිණෙන උත්සව සමයත් සමඟ, විශේෂයෙන්ම සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය තුළ වට්ටම්, තෑගි මුදල් හෝ විශේෂ ප්‍රවර්ධන ලෙස පෙනෙන ව්‍යාජ වෙළෙඳ දැන්වීම් සහ ලින්ක් අන්තර්ජාලය හරහා පැතිර යාමේ අවදානම වැඩි බවය.

එවැනි ලින්ක් හරහා ව්‍යාජ වෙබ් අඩවි වෙත යොමු කරමින් පරිශීලකයින්ගේ පෞද්ගලික තොරතුරු සහ වැදගත් දත්ත සොරා ගැනීමේ අවදානම පවතින බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම වෙසක් සහ පොසොන් උත්සව සමයන් සමඟ “පොසොන් මහා ඩේටා දන්සල” වැනි විවිධ නාමයන් යටතේ ද පරිශීලකයින්ගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීමට උත්සාහ කරන වංචා ක්‍රියා සිදුවිය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව, අන්තර්ජාලය හරහා ලැබෙන අනියම් ලින්ක් හෝ වෙළෙඳ දැන්වීම් වෙත පිවිසීමේදී සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here