අප නිතරම කාන්තාවන් ලෙස අපේ ආරක්ෂාව ගැන සැළකිලිමත් වනවා. ඉතින් නවීන කාන්තාවක් ලෙස නිතරම අන්තර්ජාලය පරිහරණය කරන ඔබට ආරක්ෂාව පිලිබඳ කොහොමද සැළකිලිමත් විය යුත්තේ කියා අප සොයා බලමු.
මේක හරිම වැදගත් දෙයක්. මතක තබා ගැනීමේ පහසුව තකා ඉතා සරල මුර පදයක් යොදනවාට වඩා ආරක්ෂාකාරී නැණවත් මුරපදයක් යෙදීම හරිම වැදගත්. ශක්තිමත් මුර පදයක් නිර්මාණය කරගන්නේ අකුරු, ඉල්ලක්කම්, සංකේත ආදිය හවුලේ යොදාගැනීම ඉතා වැදගත්. කොතරම් ශක්තිමත් මුර පදයක් යෙදුවත් එය භාවිතා කරන වෙබ් පිටුව මත සේව් නොකිරීමටත් වග බලාගන්න.
ඔබ භාවිතා කරන අන්තර්ජාල සේවාව සුරක්ෂිත කරගැනීම වඩාත් සුදුසුයි. ඒ නිසා හොඳම දේ සුරක්ෂිත අන්තර්ජාල සේවාවක් ලබාගැනීමයි.
ෆයර් වෝල් එකක් කියන්නේ ඔබේ පරිගණකයට හෝ වෙනත් අන්තරජාල අයිතමයකට හඳුනා නොගත් ඇතුළුවීම් සහ කඩා වැදීම් අවහිර කරන විද්‍යුත් බාධකයක්. මින් ඔබේ සියලුම අන්තර්ජාල සම්බන්ධක සුරක්ෂිත කරවනවා. වෙබ් කැමරාව පවා.
වත්මනේ බොහෝ තර්ජන පැමිණෙන්නේ නොමිලේ ලබා දෙන සේවාවන් ලෙසයි. එවන් සේවා මත ක්ලික් කිරීමට හෝ එම සේවාවන් තෝරා ගැනීමට පෙර බුද්ධිමත්ව සිතන්න.
බොහෝ අන්තර්ජාල හොරුන් ගේ ප්‍රධාන ඇම වන්නේ යම් යම් දේ බෙදා හැරීම සඳහා ඔබව භාවිතා කිරීමයි. එම එක් ශෙයාර් කිරීමක් සමග ඔබගේ දත්ත වෙනත් ගිණුමකට මාරු වීමේ අවදානමක් තිබෙනවා.
ඇන්ටි වෛරස් මෘදුකාංගයක් අනිවාර්යයෙන්ම ඔබේ පරිගණකය තුළ ස්ථාපිත කරන්න. එය ඉතාමත්ම වැදගත්. ඔබ කෙතරම් අඩුවෙන් අන්තර්ජාලය භාවිතා කළත් ආරක්ෂාකාරී මෘදුකාංගයක් පරිගණකය තුළ තිබීම අනිවාර්යයි.
– ඉරේෂා –
Saru FM Media