අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ ලේකම් සහ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිස් රොබට් (Chris Robert) මහතා, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු බොක්සිං තරගාවලියට ප්‍රධාන ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීමට අද (13) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
වසර 57කට පසුව මෙරට පැවැත්වෙන පළමු ජාත්‍යන්තර බොක්සිං තරගාවලිය වන මෙම ආසියානු තරුණ සහ වයස අවුරුදු 22 න් පහළ තරගාවලිය සඳහා මේ වනවිට ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 29ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරටට පැමිණ සිටින බවත් අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවා.
ක්‍රිස් රොබට් මහතා අද පස්වරු 04.44 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.
ඒ මහතා පිළිගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කටුනායක ගුවන් තොටුපොළ කළමනාකරු වාසනා කුමාරි මහත්මිය සහ ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.
Saru FM Media