කන්නේ ජීවත් වෙන්න ඕනි වුණාට සමහරු ජීවත් වෙන්නේම කන්න තමයි. සල්ලි හොයන්නේම කොළඹ හතේ කෝපි සාප්පුවකට ගොඩ වැදිලා පඩියෙන් භාගයක් ඒකට යට කරන්නම තමයි. කෑම කියන්නේ අදහන්න වටිනා දෙයක් වුණත් ඕනිවට වඩා බදාගන්න ගියාම බඩජාරියෙක් විදියට ලෝකයා ඔයාව දකිනවා. සෞඛ්‍යයට උනත් ඒක හානිකර වෙන්න පුළුවන්. අන්න ඒ අනවශ්‍ය බඩජාරි සීන් එකෙන් ගොඩ එන්නේ කොහොමද?
1. ආතතිය අඩු කරගන්න

Image Source – oregonsportsnews.com
මේක ගොඩක් දෙනෙක්ගේ අවධානයට අහු නොවුණ දෙයක්. මොකක් හරි ප්‍රශ්නෙක ඉන්න වෙලාවට ලටපට කැවෙනවා වැඩිය කියලා කවදාවත් දැනිලා නැද්ද? “Stress Eating” කියලා දෙයක් ලෝකේ පවතින්න හේතුවත් මේකයි. අපි කියනවට නෙවෙයි, හාවර්ඩ් එකෙනුත් මේ කතාව එහෙයි කියලා කියන නිසා පිළිගන්නම වෙනවා. ආතතිය වැඩි වුණාම ආහාර රුචිය වැඩි කරවන හෝමෝනයක් නිපදවෙනවා. එතකොට ඉතින් ඒකට අවනත වෙලා වෙලාවක් කලාවක් නැතුව කනවා. ආතතියෙන් ගොඩ එන්න සින්දු අහන්න, චිත්‍රපටයක් බලන්න වගේ විනෝදාත්මක පැත්තෙන් හරි යෝගා වගේ ශාරීරික ව්‍යායාමවල හරි යෙදෙන්න පුළුවන්.
2. හිමින් කන්න පුරුදු වෙන්න

Image Source – giphy.com
අතට අහුවුණ ගමන් ඇරලා දාන පුරුද්දෙන් මිදිලා හිමින් කන්න පුරුදු වුණා නම් ප්‍රධාන ආහාරවේල් තුනෙන් විතරක් සැනසෙන්න පුළුවන්. අපේ බඩට කෑමක් වැටුණාය කියන සිග්නල් එක මොළයට යන්න ටිකක් විතර වෙලා යනවා. ඒ කිව්වේ විනාඩි විස්සක් විතර. ඉතින් විනාඩි පහෙන් පහට කෑම කන්න තියාගත්තාම කැලණි පාලම යටින් පොල් කෙන්දක් ගියා වගේ තමයි. ඕනා තරම් එතකොට කතහැකි.
3. බඩගින්න නිසා ඇතිවන ඉඟිවලට අවධානය දෙන්න

Image Source – medicalnewstoday.com
බඩගිනි හැදෙනකන්ම ඉඳලා කන්න තියාගත්තමත් බ්රේක් නැතුව කන්න හිතෙනවා. බඩ ගොර ගොර ගාන්න පටන් ගන්නවා නම්, හිසේ කැක්කුම, වමනය, බඩේ රිදිල්ල වගේ අපහසුතා ඇති වෙනවා නම් ඒවා ඉස්සෙල්ලම ඉඟි සපයන තැනේ ඉඳන්ම කන්න. මේවා ගැන අවධානය නොදී සෑහෙන වෙලාවක් ගියාට පස්සේ කන්න සෙට් වෙනවා නම් වෙන්නේ මේකයි. සාගතෙන් පෙළෙන කෙනෙක්ය කියලා හිතලා පුළුවන් තරම් දේවල් හලාගන්න ශරීරය ලෑස්ති වෙනවා.
4. සිහියක් ඇතුව කන්න

Image Source – theconversation.com
දැන් මෙන්න මම කනවෝ කියලා කන්න කියලයි මේ කියන්නේ. ඒකට හේතුව මෙන්න මේකයි. අපි ගොඩක් වෙලාවට කන්න පුරුදු වෙලා ඉන්නේ වෙන වෙන වැඩ කරන ගමන්. ලංකාවේ අපිට නම් පුරුදුම එක ටීවී බලන ගමන් කන එක. එතකොට අපේ සිහිය තියෙන්නේ එතන නිසා ඒක බලාගෙන කන්නන්වාලේ කාලේ කනවා. එතකොට මොනාද කන්නේ, කොච්චරද කන්නේ කියන එක ගැන අවබෝධයක් නැහැ.
5. ප්‍රධාන ආහාරවේල් මග අරින්න එපා

Image Source – gadventures.com
සමහරු ඩයට් කරන්නයි කියලා ප්‍රධාන ආහාරවේලක් නැත්තම් දෙකක් හලලා යන වෙලාවල් තියනවනේ. හැබැයි මහත් වෙන්නයි, පිස්සෙක් වගේ කන්නයි අත වනන්න ඊටත් වඩා ගොන්කමක් වෙන කොහෙවත් නැහැ. ඒක වෙන්නේ මෙහෙමයි. ඔය මොනා කිව්වත් ප්‍රධාන වේලක් මිස් වුණාම දාර බඩගින්නක් සෙට් වෙනවා. එතකොට ඔය පොඩි මොනා හරි කාලා ශේප් වෙන්න කියලා පටන් ගන්නවා. අන්තිමට අතට ගත්තු දේ සම්පූර්ණයෙන්ම කැවිලා යනකන් දන්නේ නැහැ.
6. අහිතකර පුරුදුවලින් ඈත් වෙන්න

Image Source – etccreative.wordpress.com
මේ පුරුදු කිව්වේ සෞඛ්‍ය පුරුදුම නෙවේ. කාලයක් තිස්සේ පුරුදු කරගෙන ආපු වෙන වෙන පුරුදු. කොහොමහරි ඒවා සෙට් වෙන්නේ අන්තිමට සෞඛ්‍යට තමයි. හැමදාම හවසට ස්නැක් එකක් විදියට මොනා හරි බැදලා කන්න හිතන් ඉන්නවා නම් ඒ වෙනුවට වෙන පළතුරක් වගේ දෙයක් ගන්න. එහෙමත් නැත්තම් තේ එක්ක බිස්කට් කනකොට බිස්කට් ටින් එක නැත්තම් පෙට්ටිය, පැකට් එක අතේ තියන් කන්නේ නැතුව ඒකෙන් දෙකක් විතර වෙනම අරගෙන කන්න බලන්න.
7. කෙඳි සහිත ආහාර වැඩිපුර ගන්න

Image Source – jbarnesliving.com
මලබද්ධෙට හරි යන්න කෙඳි සහිත ආහාර ගන්න කියන එක දන්නා කාරණයක් වුණත් බඩජාරිකමට මේක බෙහෙතක් වෙන්නේ කොහොමද කියලා දැනගෙන හිටියේ නැහැනේ. ඒක වෙන්නේ මෙහෙමයි. කෙඳි සහිත කෑම වර්ග කෑවාම සෑහෙන බඩ පිරෙනවා. එතකොට වෙන මුකුත් කන්නේ නැතුව වැඩි වෙලාවක් ඉන්න පුළුවන්. කන වෙලාවේ වුණත් බඩ පිරෙන ගතිය නිසා බඩට දාගන්නෙත් බොහොම පොඩ්ඩයි. බාර්ලි, ඕට්ස් වගේම බතල, අඹ, දොඩම් වගේ දේවල් කෙඳි වැඩි ආහාර.
Cover Image Source – besthealthmag.ca/ medium.com
The post අනවශ්‍ය බඩජාරිකම වළක්වාගන්න උපදෙස් appeared first on Lifie.LK.
Saru FM Media