අනතුරින් පසු බවුසරයේ තිබූ ඉන්ධන ලීටර් 13,000ක් අතුරුදන් වෙලා!

0
3


රෂිකා හෙන්නායක මැයි 15, කොළඹ LNW :

කොලොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33,000ක් ප්‍රවාහනය කළ පෞද්ගලික අංශයේ බවුසර් රථයක් පෙරලීමෙන් සිදු වූ ඉන්ධන කාන්දුවෙන් ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 13,000ක් පමණ අඩු වී ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථා ගබඩා සංකිර්ණය පවසයි.

එම බවුසරයේ පෙට්‍රල් ලීටර් 13,800ක් සහ ඩීසල් ලීටර් 13,200ක් ප්‍රවාහනය කරමින් තිබූ බව, එහි ප්‍රකාශකයෙකු සඳහන් කළ අතර, එම බවුසර් රථය හැටන්, නුවරඑළිය, කිරිමැටිය මාර්ගයේදී පෙරලීමෙන් එහි තිබූ පෙට්‍රල් සහ ඩීසල් කාන්දු වීමක්ද සිදුව ඇත. 

ඒ සමග කාන්දු වෙමින් තිබූ ඉන්ධන ප්‍රදේශවාසීන් විසින් බූලිවලට රැගෙන ගිය බවද තොරතුරු වාර්තා වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here