අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවලට අද සිට ලැබෙන සහනය

0
3


අධිවේගී මාර්ගවල ගෙවීම්, කාඩ්පත් මගින් අද සිට සිදුකිරීමට හැකි බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසනවා.     

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවල දී කාඩ්පත් මගින් ගෙවීම් සිදු කළ හැකි බවයි එම අමාත්‍යංශය පැවසුවේ. 

අන්තර් හුවමාරු 35ක් සහ පිටවීම් ගේට්ටු 119ක් තුළ එම සේවා පහසුකම් ක්‍රියාත්මකයි. 

ඒ සඳහා නිලධාරී මඩුල්ලක් ද පුහුණු කර ඇති බවයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පැවසුවේ.

වත්මන් රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුව යමින් කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම සඳහා නව තාක්ෂණය යොදා ජන ජීවිත පහසු හා වේගවත් කිරීම මුලික කරගනිමින් ඉදිරිපත් කළ වැඩපිළිවෙලට අනුව නව ක්‍රමවේදය ආරම්භ කළ බව එම අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here