අධිවේගී මාර්ගවල ගෙවීම් කටයුතු කාඩ්පත් මගින් සිදු කිරීමට අවස්ථාව

0
10


අධිවේගී මාර්ගවල ගමන් කිරීම සඳහා කාඩ්පත් මඟින් ගණුදෙනු කිරීමේ නියමු ව්‍යාපෘතිය මෙම සතිය තුළ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ.

කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරුවල දී ව්‍යාපෘතිය ආරම්භ කිරිමට සැලසුම් කර  තිබෙනවා.

ඒ අනුව අධිවේගී මාර්ගවල ගමන් කිරීම සඳහා debit සහ credit කාඩ්පත් මෙන්ම කිව්.ආර්.කේත මඟින් ගෙවීම් කටයුතු සිදු කිරීමට හැකියාව හිමි වනු ඇත.

මෙම නියමු ව්‍යාපෘතියෙන් අනතුරුව මැයි මාසයේ සිට මෙරට සියලු අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් කටයුතු සිදු කිරිමට බලාපොරොත්තු වන බවයි ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here