අධිවේගී මාර්ගවල ගාස්තු මැයි පළමුවනදා සිට බැංකු කාඩ්පත් මගින් ගෙවීමට අවස්ථාව

0
15


මැයි පළමුවනදා සිට අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී අයකරන ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමට අවස්ථාව හිමි වන බව ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එහි නියමු ව්‍යාපෘතිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කඩවත හුවමාරු මධ්‍යස්ථානවලදී අද සිට ආරම්භ වූ බවයි.  

Neth Sound · BIMAL 01

මේ අතර රථවාහන වැරදි සම්බන්ධයෙන් පොලීසිය විසින් රියදුරන්ට නිකුත් කරන දඩ පත්‍රිකාවලට අදාළ ගෙවීම් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ගෙවීමේ නියමු ව්‍යාපෘතියක්ද මේ වන විට ක්‍රියාත්මක වනවා. 

ඒ සම්බන්ධයෙන්ද මෙම මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කෙරුණා. 

මේ, එම මාධ්‍ය හමුවට එක්වූ මාර්ග ආරක්‍ෂාව සහ රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා.

Neth Sound · POLICE INDIKA 01

අමාත්‍ය බිමල් රත්නායක මහතාද එම නියමු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. 

Neth Sound · BIMAL 03



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here