අධිවේගය භාවිත කිරීමේ දී ප්‍රවේශමේන් – දක්ෂිණ අධිවේගයේත් දැඩි රථ වාහන තදබදයක්

0
16


අධිවේගී මාර්ගයන්හි රිය ධාවනයේ දී වේග සීමා පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස අධිවේගී මාර්ග අධ්‍යක්ෂවරයා රියදුරන්ට දැනුම් දෙනවා.

උත්සව සමයේ අධිවේගී මාර්ගවල රථ වාහන ධාවනය සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන් අනතුරු සිදුවීමට වැඩිවීමට ඉඩකඩ පවතින බැවින් මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.

මේ අතර අධිවේගී මාර්ගයන්හි සියලු නීති රකින ලෙසටද රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට ගමන් ගන්නා මංතීරුවේ අද දහවල් දැඩි රථවාහන තදබදයක් පැවති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරන පිරිසගේ ඉහළ යෑම මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here