අධිවේගයේ දින හතරක ආදායම දාහත් කෝටිය පනී

0
24


අධිවේගී මාර්ගයන්ගෙන් පසුගිය දින හතරක කාලය තුළ රුපියල් 173,505,300ක ආදායමක් උපයාගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. 

එහි නඩත්තු හා මෙහෙයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර් ඒ ඩී කහටපිටිය මහතා පැවසුවේ එම දින හතර තුළ වාහන 497,223ක් අධිවේගී මාර්ගයන්හි ධාවනය කර ඇති බවයි. 

එම දින හතර තුළ වැඩිම ආදායමක් උපයා ඇත්තේ පසුගිය 11 වනදායි. 

වාහන 163,541න් රුපියල් 54,666,450ක ආදායමක් එම දින තුළ උපයාගෙන තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here