රුපියල් හය කෝටි පනස් හත් ලක්ෂ හැට දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින්.
එලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය ඉන්දියාවේ මිසෝරාම් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සූපවේදිනියක් බවයි වාර්තා වන්නේ.
ඇය මීට පෙර තුන්වරක් මෙරටට පැමිණ ඇති බවද ගමන් බලපත්‍ර ඇසුරෙන් සිදුකල මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සැකකාරිය ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරු මත එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකාරිය විසින් රැගෙන ආ ගමන් බෑගයේ ව්‍යාජ පතුළක පොලිතින් ඇසුරුම් තුළ ඔතා එම කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 644ක් සඟවා තිබෙනවා.
අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය සිදුකල අනාවරණයක් මත ඇයට නවාතැන් ගැනීම සඳහා සූදානම් කර තිබූ කොළඹ, කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක් අසළ රැඳී සිටිය දී මෙම මත්ද්‍රව්‍ය තොගය භාර ගැනීම සඳහා සූදානම්න් සිටි මෙරට අයිතිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින්.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරු මාලඹේ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.
Saru FM Media