සාමාන්‍ය කාල වලදි වඩා රස්නය අධික කාලවලදී හිසකෙස් හැලීම වේගවත් වෙනවා.ඊට අමතරව හිසකෙස් කැඩීම සහ දුර්වල වීමත් මේ අධික රස්නය නිසා සිදු වෙනවා. මේ තත්ත්වයන් වළක්වා ගන්න ඔබට නිවෙසේදීම කළ හැකි ප්‍රතිකාර මොනවාද කියලා අපි බලමු
උණුසුම් පොල් තෙල් මගින් ඔබේ හිස් කබල හොඳින් සම්බාහනය කිරීම මගින් හිසකෙස් වල මුල් වලට හොඳ පෝෂණයක් ලබා දෙනවා වගේම හිස් කබලට රුධිර ප්‍රවාහය වේගවත් වීම නිසා ඒවා හොඳින් උත්තේජනය කරනවා. මෙහිදී හිස්කබල වියලි හිසකෙස් වැටීම වලක්වන අතර නව හිසකෙස් ඇතිවීම සඳහා උත්තේජනය ලබා දෙනවා. සතියකට තුන් වතාවක් පමණ මද වශයෙන් රත් කල පොල් තෙල් හිස් කබලෙහි තවරා සම්බාහනය කරන්න.එය එක රැයක් තිබෙන්නට හැර හොඳින් සෝදා හරින්න. සති දෙකක් පමණ ගතවන විට ඔබට කැපී පෙනෙන වෙනසක් දකින්නට ලැබේවි.
හිසකෙස් රැකවරණය සම්බන්ධයෙන් ගත් විට ඔබ ගන්නා ආහාර වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. අනිවාර්යයෙන්ම ඔබේ ආහාර වේලෙහි යකඩ, සින්ක්, බයෝටින්, නියාසින්, විටමින් C, විටමින් D, සහ ඔමේගා-3 වැනි අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අඩංගු විය යුතුයි.
මීට අමතරව ශරීරයට ප්‍රමාණවත් තරම් ජලය නොලැබී යාම නිසා ද උෂ්ණාධික කාලවලදී හිසකෙස් වැටීම සිදුවිය හැකියි. ඒ නිසා සාමාන්‍ය දිනවල දී වඩා ජලය පානය කිරීමට ඔබ වගබලා ගත යුතුයි.ඒ වගේම කොමඩු, පිපිඤ්ඤා වැනි ඉහළ ජල අන්තර්ගතයක් අඩංගු එළවළු සහ පලතුරු ද ඔබේ ආහාරයට එකතු කර ගැනීමට සැලකිලිමත් වන්න
බොහෝ දෙනා සිදු කරන වරදක් ලෙස හිසකෙස් වලට අධික තාපයක් භාවිතා කිරීම කිව හැකියි. අයන් කිරීම , කර්ල් කිරීම සහ වෙනත් කොන්ඩ මෝස්තර සැකසීම සඳහා අධික තාපයක් සහිත උපකරණ හිසකෙස් වලට භාවිතා කිරීම හැකි තාක් අවම කළ යුතුයි. අධික තාපයක් ඔබේ හිසකෙස් වලට යෙදීම මඟින් හිසකෙස් ඉතා පහසුවෙන් දුර්වල වන අතර හිස කෙස් කැඩීම , වැටීම සහ වර්ධනය අඩාල වීම සිදු වෙනවා.
මහදුරු හිසකෙස් වැටීම නැවැත්වීමට වඩාත් ඵලදායී පිළියම් අතරින් ප්‍රධාන තැනක් ගන්නවා.එය රෝම කූප නැවත යථා තත්ත්වයට පත් කර හිසකෙස් නැවත වර්ධනයට උපකාරී වනවා.ප්‍රෝටීන් සහ නිකොටින්තික් අම්ලය අධික ලෙස අඩංගුව ඇති මහදුරු ඇට කෙස් ගස ශක්තිමත් කරන අතර ඔබේ හිසකෙස් ශක්තිමත්, දිදුලන එකක් බවට පත් කරනවා.මේ සඳහා එක රැයක් පොඟවා ගත් මහදුරු ඇට කිහිපයක් ගෙන වතුර ස්වල්පයක් සමඟ මිශ්‍ර කරන්න.එම පේස්ට් එක ඔබේ හිස්කබලට ඒකාකාරව යොදන්න. මිනිත්තු 30-40 අතර කාලයක් තබා පසුව උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
ළූණු වල ඇති ප්‍රතිබැක්ටීරීය ගුණාංග හිස්කබලේ ආසාදනයට එරෙහිව සටන් කිරීමට උපකාරී වන අතර එහි ඇති සල්ෆර් අන්තර්ගතය හිසකෙස්වල රුධිර සංසරණය වැඩි දියුණු කරයි. එය හිසකෙස් වර්ධනයට සහ හිසකෙස් ගැලවී යාම පාලනය කිරීමටද උපකාරී වේ. ඔබ හිසකෙස් සඳහා භාවිතා කරන ඕනෑම තෙල් වර්ගයක් සමඟ ළූණු යුෂ මිශ්‍ර කර රත් කර හිස්කෙස් සඳහා භාවිතා කල හැකියි .
කෝමාරිකා වල අඩංගු සුව කිරීමේ ගුණය මගින් හිසකෙස් වැටීම සහ කැඩී යාම වළක්වාගත හැකියි. කෝමාරිකා යුෂ පානය කිරීමෙන් ශරීර අභ්‍යන්තරයෙන් ම ඔබේ හිසකෙස්වලට පෝෂණය ලබා දිය හැකි වන අතර කෝමාරිකා යුෂ හිස් කබලෙහි තවරා සම්බාහනය කර මදවේලාවක් තිබෙන්නට හැර සෝදා හැරීම මගින් ද ඔබට කෝමාරිකා වලින් හිසකෙස් වලට පෝෂණය ලබාදීම කල හැකියි . මෙම සත්කාර මගෙන් හානියට පත්වූ හිසකෙස් යථා තත්ත්වයට පත් කිරීම ද , හිස් කබල හිස් කබලෙහි ආරක්ෂා කිරීම ද සිදු කරනවා.
බිත්තර යනු සල්ෆර්, පොස්පරස්, සෙලේනියම්, අයඩින්, සින්ක් සහ ප්‍රෝටීන් වලින් පොහොසත් ප්‍රභවයක් වන අතර එය ඔබේ හිසකෙස් වර්ධනය වැඩිදියුණු කිරීමේ ප්‍රබල සංයෝග ලෙස සැලකෙනවා.බිත්තර කහ මදයකට ඔලිව් තෙල් සහ මී පැණි එකතු කර හොඳින් මිශ්‍ර කර පැක් එකක් සකස් කර ගන්න.එය ඔබේ හිසකෙස් සහ හිස්කබලේ ඒකාකාරව ආලේප කර විනාඩි 20-25 අතර කාලයක් තබා මෘදු ෂැම්පු එකකින් සෝදා හරින්න.
මේ කාරණා වලට අමතරව ඔබ ඔබේ හිසකෙස් සඳහා භාවිතා කරන ශැම්පු සහ කන්ඩිශනර් වර්ග පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි වගේම පැලුනු හිසකෙස් කොටස් ඉවත් කිරීමටත් වග බලා ගත යුතුයි. ඔබේ සුන්දරත්වය කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කිරීමට හිසකෙස් වල නීරෝගී බාවය හේතු වන නිසා මේ ලිපිය කියවූ ඔබට එය රැක බලා ගැනීම තව දුරටත් ගැටලුවක් වන එකක් නෑ.
Saru FM Media