අධිකරණයට අපහාස කිරීම : බාර් හිමියන්ගේ සංගමය සුරාබදු කොමසාරිස් ජනරාල්ට නඩු පවරයි !

0
16


මත්පැන් බලපත්‍ර අලුත් කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිෂ්කාශන සහතිකය ලබාදීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණ නියෝගයක් තිබියදීත් එම නියෝගය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම තුළින් සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා අධිකරණයට අපහාස කර ඇති බව පවසමින් ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

අභියාචනාධිකරණයේ නඩු අංක CA Writ 550/2021 සහ 594/2021 නියෝගවල සඳහන් පරිදි මත්පැන් බලපත්‍ර අලුත් කිරීමේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිෂ්කාශන සහතිකය ලබාගැනීම සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව සිදුකරගත යුතු අතර මත්පැන් බලපත්‍රධාරීන් ඊට ලබාදිය යුතුව ඇත්තේ විරෝධය පළ නොකිරීමේ ලිපියක් පමණි.

එහෙත් එම නියෝග උල්ලංඝනය කරමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කිරීම තුළින් ඔහු අභියාචනාධිකරණයට අපහාස කර ඇති බවයි ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය අද (04) දිනයේදී ගොනු කළ පෙත්සමෙහි සඳහන් කර ඇත්තේ.

අධිකරණයට අපහාස කිරීම යනු බරපතළ දඬුවම් නියම විය හැකි වරදකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here