අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවූ අමුත්තා

0
11


ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M)) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා හමු වී තිබෙනවා .

උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන ක්ෂේත්‍ර තුළ දෙරට අතර පවතින සහයෝගීතාව වර්ධනය කිරීම මෙම හමුවේ මූලික අරමුණයි .

මේ වන විට ශ්‍රී ලාංකික සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය සඳහා පාකිස්ථානයේ ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරෙන අතර ඉදිරියේදී කෘෂිකර්මය, පශු සම්පත් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍රයන් සඳහා ශිෂ්‍යයත්ව ලබා දීම සම්බන්ධයෙන් මෙහීදී සාකච්ඡා සිදුවී තිබෙනවා .

එමෙන් ම වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශිෂ්‍යයන්ට ගුණාත්මක වෘත්තිය පුහුණුවක් ලබා දීම සඳහා පකිස්ථාන පුහුණුකරුවන් විසින් මෙරට පුහුණු සැසි පැවැත්වීම කෙරෙහි ද එහීදී අවධානය යොමු වී තිබෙන බවයි සඳහන් වන්නේ .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here