අධ්‍යාපනයට වෙන් කළ කෝටි 3517ක් ඉතිරියි

0
4

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා ඉකුත් වර්ෂයේ දී (2024) වෙන්කරනු ලැබූ ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් ප්‍රතිපාදනවලින් කෝටි 3517කට වඩා වැඩි මුදල් ප්‍රතිපාදන (35,171,226,162) ඉතිරි වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත.

ඒ අනුව ප්‍රාග්ධන වියදම් සඳහා වෙන්කළ ප්‍රතිපාදනයෙන් සියයට 32ක් එනම් රුපියල් එක්දහස් හයසිය තිස්අටකෝටි හැටනව ලක්ෂ දෙදහස්තුන්සිය හතළිස් පහක මුදල් (16,386,902,345) ප්‍රතිපාදන ඉතිරි වී තිබුණි. පුනරාවර්තන වියදම් සඳහා වෙන්කළ ප්‍රතිපාදනයෙන් සියයට 15ක් එනම් රුපියල් එක්දහස් අටසිය හැත්තෑ අටකෝටි හතළිස් තුන්ලක්ෂ විසිතුන්දහස් අටසිය දාහතක මුදල් (18,784,323,817) ප්‍රතිපාදන ඉතිරි වී තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

එමෙන්ම නිසි පුරෝකථනයකින් හා කිසිදු තාර්කික පදනමකින් තොරව ඇස්තමේන්තු පිළියෙල කොට මුදල් ප්‍රතිපාදන ලබාගැනීම හේතුවෙන් අමාත්‍යාංශයේ වැය විෂයයන් 36ක රුපියල් තුන්සිය හැත්තෑහතර කෝටි දහතුන් ලක්ෂ අනූනව දහස් දෙසිය තිස්අටක (3,741,399,238) මුළු ශුද්ධ ප්‍රතිපාදනයම ඉකුත් වර්ෂයේ දී (2024) ඉතිරි වී තිබුණි. ඉන් විෂයයන් 32ක් ප්‍රාග්ධන වැය විෂයයන් බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here