අද (11) දවසේ තද වැසි සහ තද සුළං ඇතිවන ප්‍රදේශ මෙන්න

0
3


සටහන – රුවන් නෙළුගොල්ල

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර පළාතේත් පුත්තලම, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක.

මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here