අද සිට ප්‍රදේශ රැසකටම ජල කප්පාදුවක්

0
2

පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ අද (02) සිට ලබන 10දා දක්වා ප්‍රදේශ රැසක ජල සැපයුම අදියර වශයෙන් අත්හිටුවීමට සැලැසුම් කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

දිගු කාලයක් ජල සැපයුම අත්හිටුවා ගැනීම වළක්වාලීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව එම මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව බත්තරමුල්ල, පාමංකඩ, වැල්වත්ත සහ නාවල අවට ප්‍රදේශ සඳහා දිනක් හැර දිනක් රාත්‍රී 10.00 සිට පසුදින අලුයම 01.00 දක්වා පැය තුනක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.

මේ අතර පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත හා පන්නිපිටිය යන ප්‍රදේශ සඳහා රාත්‍රී 08.00 සිට පැය 24ක කාලයක් ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.  ජල සැපයීම අත්හිටුවීමෙන් අනතුරුව දින තුනක කාලයක් ජල සැපයුම ලබාදීමට කටයුතු කරන බව එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here