අද සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

0
8

78 වැනි ජාතික නිදහස් දින සැමරුමට අදාළ පෙරහුරු සහ උත්සව කටයුතු හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් අද (30) සිට ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.

ඒ අනුව අද (30), හෙට (31) සහ පෙබරවාරි 2 වන දින පෙරහුරු පුහුණුවීම් පැවැත්වෙන අතර එම දිනවල උදෑසන 7.45 සිට දහවල් 1.30 දක්වා නිදහස් චතුරස්‍රය අවට මාර්ගයන්හි රථවාහන ගමනාගමනය සීමාකිරීම් පනවනු ඇත.

එමෙන්ම පෙබරවාරි 1 වන දින පෙ.ව. 5.00 සිට දහවල් 1.30 දක්වාත්, පෙබරවාරි 4 වන දින පෙ.ව. 5.00 සිට නිදහස් දින උත්සවය අවසන් වන තෙක් අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලීසිය සඳහන් කරයි.

මෙම කාලය තුළ කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම, විකල්ප මාර්ග භාවිතා කිරීම වෙනුවෙන් මෙම විශේෂ රථවාහන සැළැස්ම ක්‍රියාත්මක කෙරේ.

නිදහස් දින උත්සවය හා එහි පෙරහුරු පැවැත්වෙන දිනයන්හි ක්‍රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳව පොලීසිය විසින් නිකුත්කළ නිවේදනය පහතින්,

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here