අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

0
2

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW:

චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන හත් දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පස් දෙනෙකුම අද තරගවලට සහභාගි වෙනවා.ඉන් දෙදෙනක් සෘජුවම සිය ඉසව්වල අවසාන තරග සඳහා සහභාගි වීමට නියමිතයි.ඒ තුන් පිම්ම ඉසව්ව නියෝජනය කරන පසිඳු මල්ෂාන් සහ උස පැනීම ඉසව්ව නියෝජනය කරන තරිඳු දසුන් සමරවීර යි.පසිඳු සිය අවසාන තරගය සඳහා තරග වඳින්නේ පෙරවරු 11.-5 ට වන අතර තරිඳු පස්වරු 6.50 ට උස පැනීමේ අවසාන තරගයට සභභාගි වීමට නියමිතව සිටිනවා.

චමෝද් යෝධසිංහ සහ මනුජ ප්‍රභාෂ් සහභාගි වන මීටර් 60 ඉසව්වේ අවසාන තරගත් අද පැවත්වෙනවා.එහෙත් ඒ සඳහා එම දෙදෙනා අද පැවත්වෙන මූලික තරග සහ අවසන් පූර්ව තරග ජයගෙන පැමිණිය යුතුයි.එම ඉසව්වේ දෙවන මූලික තරගයට පෙරවරු 11.52 ට මනුජ සහභාගි වන අතර චමොද් සහභාගි වන්නේ පෙරවරු 11.58 ට පැවත්වෙන සිව්වන මූලික තරගයටයි.මීටර් 60 පිරිමි ඉසව්වේ අවසාන පූර්ව තරග පස්වරු 6.15 ට සහ අවසාන තරගය පස්වරු 8.07 ට පැවත්වෙන්නට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ආසියානු ගෘහස්ත පදක්කම්ලාභිනී නිමාලි ලියනාරච්චි සහභාගි වන මීටර් 800 මූලික තරගය අද පෙරවරු 10.30 ට ආරම්භ වීමට නියමිතයි.එම ඉසව්වේ මූලික තරග දෙකක් පැවත්වෙන අතර නිමාලි සහභාගි වන්නේ පළමු මූලික තරගයටයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here