අද මහනුවර එන අයට විශේෂ දැනුම්දීමක්

0
16


“සිරි දළදා වන්දනාව” වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්ම අද (17) සිට ක්‍රියාත්මක කර තිබෙනවා.

සැදැහැවතුන් පැමිණෙන රථ වාහන මහනුවර නගරය වෙත පැමිණීමත් සමග නගරයේ ඇති විය හැකි වාහන තදබදය අවම කරගැනීම සඳහා රථ වාහන මහනුවර නගරයට ඇතුළු වීම අද සිට සීමා කෙරෙන බවයි පොලීසිය සඳහන් කළේ.

“සිරි දළදා වන්දනාව” සඳහා සැදැහැවතුන් පැමිණෙන රථ වාහන ගාල් කිරීමට විශේෂ ස්ථාන සකස් කර ඇති අතර එම ස්ථානවල සිට ශ්‍රී දළදා මාළිගාව දක්වා බස් රථ සේවා මඟින් ප්‍රවාහන පහසුකම් සලසා තිබෙනවා.

මේ අතර සිරි දළදා වන්දනාවෙන් අනතුරුව සැදැහැවතුන් හට යළි රථ ගාල් වෙත පැමිණීම සඳහා ද පොදු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය සඳහන් කළා.

“සිරි දළදා වන්දනාව” හෙට (18) දින පස්වරු 3.30ට ආරම්භ කර එදින පස්වරු 5.30 දක්වා පැවැත්වෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here