අද පැමිණිය නොහැකි බව මහාචාර්ය මෛත්‍රී  FCIDයට දන්වයි

0
2

තමන්ට අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය දැනුම් දී තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යය පෞද්ගලික සංචාරයකට රුපියල් ලක්ෂ 166 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණ චෝදනාවට අදාළව ඒ මහතාගේ බිරිඳවන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබුණි.

2023 වසරේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිදු කළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 166 කට අධික මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබල දුන් බවට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා චෝදනා එල්ල විය.

ඔහු පසුගියදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ  අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ  අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පිරිස් මහතා පැවසුවේ හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට අද (20) දින මූල්‍ය අපරාධ විමර්ශන අංශය 03 හමුවේ පෙනී සිටින ලෙස කොල්ලුපිටිය පොලිසිය මාර්ගයෙන් දැනුම්දී ඇති බවය.

ඒ අනුව මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අද දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණි.

සෞඛ්‍ය හේතූන් මත අද දින නොපැමිණෙන බව ඇය දැනුම් දී ඇති බව වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතා අදාළ බ්‍රිතාන්‍යය සංචාරය සිදු කළේ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා බවට චෝදනා එල්ල වී තිබේ.

 📌සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here