අද පාන්දරම දකුණේ තවත් වෙඩි තැබීමක්! I Sri Lanka Latest News

0
9


අද (31) අලුයම අම්බලන්තොට පොලිස් වසමේ කොග්ගල්ල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබේ.Sri Lanka Latest News

වෙඩි වැදීමෙන් එම පුද්ගලයා තුවාල ලබා ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත. 

තුවාලකරු වයස අවුරුදු 30ක් වන කොග්ගල්ල, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
     
කලක සිට තුවාලකරු වෙනත් පාර්ශවයක් සමඟ ඇතිව තිබූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටත්, වෙඩි තැබීම සඳහා මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් භාවිතා කර ඇති බවටත් දැනට සිදුකරන  ලද විමර්ශනය අනුව අනාවරණය වී ඇත. 

සැකකරුවන් හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here