අද දින ඔබේ දෛවය

0
9

මේෂ –

ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. දුර ගමන් ද යෙදේ. උත්සව සැණකෙළි සංවිධානයට සහභාගිවීම්වලට හේතුයි. තරමක් වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවෙයි. හදිසි ධන ලාභ ද ගෙන දෙයි. සෙම් කෝප රෝග මතු කරයි. ශුභ වර්ණය – තද රෝස, ජය අංකය – 05

වෘෂභ –

ගමන් බිමන් යෙදේ. ඒවා සංවිධානයට ද හේතුයි. උත්සව සාද යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. වාද විවාද ශුභවාදී නොවේ. තරමක් සිත් කලකිරීම් ඇති කරවයි. හදිසි තීරණ ගැනීම ශුභ නොවේ. මුත්‍රා රෝග, ආශ්මරි රෝග මතු කරයි. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 02

මිථුන –

තරමක් අවිවේකී දිනකි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම් යෙදේ. ආගමික උත්සව සහ විනෝදජනක ක්‍රියා ද යෙදේ. තරමක් බලාපොරොත්තු රහිත ලෙස වැයපස ඉහළ යයි. අමතර ලාභ ද ලබයි. කොන්දේ අමාරු, වාතාධික රෝග මතුවේ. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 07

කටක –

ගමන් බිමන් අධික වෙයි. තරමක් රාජකාරිවල හැලහැප්පීම් ඇති වෙයි. උත්සව සභාවන්හි මූලිකව ක්‍රියා කරයි. ආගමික උත්සව ද යෙදේ. සතුරන් ධමනය වෙයි. හදිසි ධන ලාභ සම්පත් දෙයි. සිරසගත රෝග මතු කරයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 01

සිංහ –

ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. ආගමික උත්සව, ප්‍රීති උත්සව සාද වැනි දේට හේතුයි. විහාරාරාම ආශ්‍රිතව කාලය තරමක් ගෙවයි. වැයපස ද ඉහළ යයි. හදිසි ලාභ ලබයි. බඩවැල් ආශ්‍රිත රෝග මතුවේ. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 01

කන්‍යා –

ගමන් බිමන් බහුල දිනකි. ආගමික උත්සව හා පුද පූජා වැනි දේවල්වලට යොමුවෙයි. තම ඥාති මිත්‍රාදීන් ඒ සඳහා යොමු කරවයි. මිල මුදල් තරමක් වැය වෙයි. කාෂ ස්වාස රෝග මතු කරයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 06

තුලා –

දාන ශීලාදි ගුණධර්මවල යෙදෙන අතර ආගමික උත්සවවල ද යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ගමන් බිමන්වල යෙදේ. ඔවුන් වෙනුවෙන් වියපැහැදම් කිරීමට සිදුවෙයි. කොන්දේ අමාරු, වාත රෝග මතු කරයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 02

වෘශ්චික –

තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියාකරන අතර ඔවුන් අතර ප්‍රධාන වෙයි. ආගමික වතාවත් හා පුද පූජා ආදියෙහි යෙදේ. වන්දනා ගමන්, විනෝද ගමන් වැනි දේවල්වලට හේතුයි. උගුර ආශ්‍රිත රෝග, සන්ධි රෝග මතුවේ. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 04

ධනු –

රාජකාරි බහුලයි. පැවති බාධා ඉවත් වෙයි. තම අරමුණට බාධා කරයි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් ද යෙදෙන අතර නවක මිතුදම් වර්ධනය වෙයි. දුර ගමන් බිමන්ද යෙදේ. සෙම් ආසාදන රෝග මතු කරයි. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 01

මකර –

ක්‍රියාකාරී දිනකි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු වීමෙන් සිත් චංචල වෙයි. ප්‍රේම සබඳතා ඇති වෙයි. යටපත්ව තිබූ බැඳීම් ඉස්මතු වෙයි. හදිසි ධන සම්පත් ලාභ ලබයි. කොන්දේ අමාරු මතු කරයි. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 06

කුම්භ –

ගමන් බිමන් බහුල වෙයි. රැකියා ස්ථානවල පැවති ගැටලු නිරාකරණය වෙයි. තම ව්‍යාපාරවල දියුණුවක් මතු කරයි. ප්‍රීති සාදවලට සහභාගි වීමේ අවස්ථා මතු කරයි. වැය ඉහළයි. මුත්‍රා ආසාදන මතු කරයි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 09

මීන –

අවිවේකි දිනකි. රාජකාරි බහුලයි. ගමන් බිමන් ද යෙදේ. සුහදතා වර්ධන ක්‍රියාවන්වල යෙදෙන අතර දහමට ද අවතීර්ණව ක්‍රියාකරයි. සිත චංචල කරවන ක්‍රියා ද යෙදෙන හදිසි ලාභ ලබන දිනකි. අම්ල පිත්ත රෝග, බඩවැල් රෝග මතු කරයි. ශුභ වර්ණය – දම්, ජය අංකය – 07

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here