අද දින ඔබේ දෛවය

0
6

මේෂ

ස්වයං රැකියාවල යෙදෙන්නන්ට ශුභයි. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. වගකීම් බහුල වෙයි. මහජන ප්‍රසාදයට එක්වන ක්‍රියා යෙදේ. තරමක් බලාපොරොත්තු වූවාට වඩා වැය ඉහළයි. සන්ධි ආසාදන රෝග මතුවේ. ශුභ වර්ණය – රතු, ජය අංකය – 05

වෘෂභ

රාජකාරි බහුලයි. තරමක් අවිවේකියි. අතපසුවීම්වලට හේතුයි. ඉවසීමෙන් තීරණ ගත යුතු වාද විවාද සැක එතරම් ශුභවාදී නොවේ. පොදු සේවාවලදී ද දුරදිග බලා තීරණ ගැනීම වැදගත්. වාතාධික රෝග, උෂ්ණ රෝග දේ. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 02

මිථුන

උත්සව සාද වැනි දේවල්හි යෙදේ. ඒවා සංවිධානයට හේතුයි. අවිවේකිය.ි වගකීම් බහුලයි. ලිපි ලේඛනවලින් ජය. සම්මුඛ පරීක්ෂණ සාකච්ඡා වැනි දේවල්වලින් ජයග්‍රහණ දෙයි. සෙම් කෝප උෂ්ණ රෝග මතු කරයි. ශුභ වර්ණය – කොල, ජය අංකය – 06

කටක

රාජකාරි ස්ථානවල කැපී පෙනේ. වගකීම් බහුලවෙයි. අමතර ක්‍රියාකාරකම් සමග අවිවේකී දිනකි. මනසට වධ දුන් ප්‍රශ්න ඉවත්වෙයි. වාද විවාද ශුභවාදී නොවේ. හදිසි ධන ලාභ ගෙනදෙයි. සිරසගත රෝග මතු කරයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 07

සිංහ

ක්‍රියාකාරකම් බහුල වෙයි. ආගමික වතාවත් ගරු කරන අතර උත්සව සාද වැනි දේවල ද යෙදේ. තම අරමුණු දියත් කිරීමේ ශක්තිය ඇති කරයි. හදිසි ධන ලාභ ලබයි. සන්ධි රෝග හෘද ආබාධ මතු කරයි. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 01

කන්‍යා

සැහැල්ලුවෙන් දවස ගෙවෙයි. දාන ශීලාදී ගුණධර්මවල යෙදේ. ආගමික උත්සව සංවිධානය කිරීම් හෝ සහභාගිවීම්වලට හේතුයි. ප්‍රීතිසාද වැනි දේවලට හේතුයි. අමතර ලාභ ලබයි. සිරසගත රෝග උෂ්ණ රෝග යෙදේ. ශුභ වර්ණය – කහ, ජය අංකය – 03

තුලා

තරමක් අවිවේකී දිනකි. ප්‍රීතිසාද උත්සව මෙන්ම ආගමික උත්සව ද යෙදේ. වැයපස ද තරමක් ඉහළ නංවන දිනකි. දුරස්ථව සිටි තම ඥාතීන් සම්බන්ධතා ක්‍රියා යෙදේ. වාත රෝග ආසාදන මතු කරයි. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 04

වෘශ්චික

අසල්වාසි සුහදතා ඇතිවන ක්‍රියා යෙදේ. දහමට අවතීර්ණව ක්‍රියා කරයි. ආගමික වතාවත්වල යෙදේ. අමතර වැයපස ඉහළයි. නවක මිතුදම් ප්‍රේම සබඳතාවයන් යෙදේ. බඩවැල් රෝග මූල රෝග මතු කරයි. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 01

ධනු

ක්‍රියාකාරි දිනකි. ආගමික උත්සව සංවිධාන කිරිම් යෙදේ. පුද පූජා වතාවත්වල යෙදෙන අතර උත්සව සාද වැනි දේවල් හේතුයි. ඥාතීන් අතර සුහදතාව ඇතිවන ක්‍රියා යෙදේ. නේත්‍ර රෝග මුඛ රෝග මතු කරයි. ශුභ වර්ණය – ළා කොල, ජය අංකය – 09

මකර

ක්‍රියාකාරකම් බහුලයි. ගමන් බිමන් යෙදේ. ප්‍රීති උත්සව සාද වැනි දේවල් යෙදේ. දාන ශිලාදී ගුණධර්මවල යෙදේ. තරමක් මනසට වධ දුන් ක්‍රියා සමනය වෙයි. වාත රෝග හා ආබාධ මතුකරයි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 08

කුම්භ

ක්‍රියාශීලී දිනකි. දාන ශිලාධි ගුණධර්මවල යෙදේ. අධ්‍යනය මත ගුණවගාවන්වල යෙදෙන අතර දුර ගමන් යෙදේ. ඥාතී මිත්‍රාදීන් සබඳතා වර්ධන ක්‍රියා ආදියෙහි යෙදේ. මෞත්‍ර ලිංග පද්ධතියේ රෝග ද මතුකරයි. ශුභ වර්ණය – තද කහ, ජය අංකය – 05

මීන

සහනදායි සිතුවිලි මත දවස ගෙවයි. අධ්‍යාත්මික ගුණවගාවන් හි යෙදේ. ආගමික පුද පූජා ගරු කරයි. පොදු උත්සව සාද වැනිදේහි යෙදේ. හදිසි ධන ලාභ ද ලබයි. ඉදිමුම් රෝග මුත්‍රා ආසාදන මතුකරයි. ශුභ වර්ණය – දම්, ජය අංකය – 01

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here