මේෂ
මංගල උත්සව ප්‍රීති උත්සව වැනි දේ යෙදේ. දුරස්ථ ඥාති මිත්‍රාදීන් සමීප වන ක්‍රියාද යෙදේ. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. පොදු වැඩවලදී මූලිකව ක්‍රියාකරයි. හදිසි ධනලාභ ද ලබයි. සිරසගත රෝග උෂ්ණ රෝග මතුවේ. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 05
වෘෂභ
නව ව්‍යාපාර ඇරඹීමට ශුභයි. පවතින ව්‍යාපරවල දියුණුවක් පෙනේ. උත්සව සාද වැනි දේවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. විදෙස් ගමන් සඳහා මූලික අවශ්‍යතා විසඳේ. මුත්‍රා ආසාදන මතුවේ. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 07
මිථුන
රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම් යෙදේ. තම වටිනාකම ප්‍රදර්ශනය වන දිනකි. ඥාතීන් අතරේ ප්‍රධාන වෙයි. පැරණි ණය ගනුදෙනුවක් ශුභවාදීව විසඳේ. අමතර ලාභ ලබයි. මුත්‍රා ආසාදන මතුවෙයි. ශුභවර්ණය – කොළ, ජය අංකය – 08
කටක
ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතාවන් සඳහා මිල මුදල් වැයවේ. උත්සව සාද වැනි දේ යෙදෙන අතර තම අරමුණු ද මදක් ජයදෙයි. සභාවේ ප්‍රධාන වෙයි. සෙම් කෝප රෝග මතුවෙයි. ශුභ වර්ණය – කහ, ජය අංකය – 04
සිංහ
ශුභවාදී ඵල ගෙනදෙන අතර ක්‍රියාශීලී දිනකි. නව නිපැයුම්, අලුත්වැඩ සඳහා යොමුවෙයි. හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභවාදී නොවේ. නවක මිතුදම් ඇතිවේ. අමතර ලාභ මතු කරන අතර දත් රෝග, අක්ෂි රෝග මතුවේ. ශුභ වර්ණය – ළා දම් , ජය අංකය – 01
කන්‍යා
ශුභා ශුභ ඵල මතුකරයි. ගමන් බිමන් යෙදෙන අතර අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. ප්‍රීති සාදවලට යොමුවේ. නවක මිතුදම් ඇතිවෙයි. තරමක් වැයපස ඉහළ යන අතර ආමාශ ගත රෝග ද මතුවේ. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 06
තුලා
ශුභවාදී ඵල මතුකරයි. ප්‍රීති සාද උත්සව වැනි දේවල්වලට යොමු වෙයි. විනෝදජනක කටයුතු වල යෙදෙන අතර වැයපස ද ඉහළ යයි. දහමට ළැදිව ක්‍රියාකරයි. ස්නායුගත රෝග මතුවෙයි. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 03
වෘශ්චික
ශුභවාදී ඵල මතුකරයි. ප්‍රීති උත්සව සාදවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. තම ඥාති මිත්‍රාදීන් සමග සුහදතාව වර්ධනය වෙයි. අලංකාර දෑ සඳහා වැයපස ඉහළ යන දිනකි. සෙම් ආසාදන රෝග මතුවෙයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 09
ධනු
ක්‍රියාකාරී දිනකි. උත්සව සාද වැනි දේවල් යෙදේ. තරමක් වෙහෙසව ක්‍රියාකිරීමට හේතුයි. නවක මිතුදම් ඇතිවෙයි. ඇසුර තුළින් තරමක් සිතුවිලි ද යහපත් වෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝගද මතු කරයි. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 06
මකර
රාජකාරි බහුලවීම නිසා අවිවේකය ඇතිවෙයි. තම අරමුණුවලට තරමක් බාධා දෙයි. ප්‍රීති සාද උත්සව ආදියට සහභාගිවීමේ අවස්ථා යෙදේ. සම්මුඛ සාකච්ඡා ආදියෙන් ජය ලබයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 02
කුම්භ
ප්‍රබෝධමත් දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. උත්සව සාද යෙදේ. තම නිවස ද උත්සවාකාරයක් ඇති කරයි. නව වැඩ ඇරඹීමට ද ශුභයි. ඇසුරු කරන්නන්ගෙන් උදව් උපකාර ද ලබයි. සන්ධි රෝග, වාත රෝග මතු කරයි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 01
මීන
ක්‍රියාශීලීයි. ගමන් බිමන් වර්ධනය වෙයි. විනෝද ගමන්, ප්‍රීතිසාද වැනි දේට යෙමුවෙයි. නීතිමය ගැටලුවලට හේතුයි. ඥාතීන් දුරස්ථවීමට ද ඉඩ තිබේ. දහමට ළැදිව ක්‍රියාකරන අතර සෙම් කෝප රෝග මතු කරයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 09
Saru FM Media