අද දින ඔබේ දෛවය

0
1

මේෂ

ක්‍රියාකාරි දිනකි. තම අරමුණු ජය ගනී. නව ව්‍යාපාර, නව නිපැයුම් ඇරඹීමට ශුභයි. උත්සව, සාද වැනි දේවල් ද යෙදෙන වැයපස තරමක් ඉහළ යන දිනකි. තනතුරු වගකීම් බහුල දිනකි. සිරසගත පීඩා ගෙන දෙයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 07

වෘෂභ

රාජකාරි තරමක් බහුල වෙයි. ඍජු ගුණයෙන් ක්‍රියා කරයි. ගමන් බිමන් ද යෙදේ. පොදු සේවා, සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යොමුවෙයි.

රැකියා ස්ථානවල තනතුරු ලාභ ලබයි. අමතර ලාභ ලැබීම් යෙදේ. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 04

මිථුන

අවිවේකී බවක් ඇතිවෙයි. උත්සව, සාද වැනි දේවලට යොමුවෙයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරයි. තම නිවස උත්සව ශ්‍රියාවක් ගෙන දෙයි. ආගමික වතාවත්වලද යෙදෙන දිනකි. ස්නායුගත රෝග ද මතු කරයි.

ශුභ වර්ණය – ළා කොළ, ජය අංකය – 06

කටක

ක්‍රියාශීලි දිනකි. රාජකාරිවලදී කැපී පෙනේ. නව නිර්මාණ ඇරඹීමට ශුභයි. තරග තුරග ජය ගනී. භූමි ලාභ ගෙන දෙන අතර එවැනි දේ සඳහා මුදල් යෙදවීම ශුභයි. අරමුණු ජය ගනී. හදිසි ධන ලාභ දේ. සෙම්කෝප රෝග මතු කරයි. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 03

සිංහ

ගමන් බිමන් බහුලය. සුපුරුදු ක්‍රියාවන් ගෙන් ඉවත්ව දහමට ලැදිව ක්‍රියාකරයි. දාන ශීලාදි ගුණදහම් වඩවන දිනකි. සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදෙන අමතර ලාභ ද ලබන දිනකි. නේත්‍ර රෝග, මුඛ රෝග මතු කරයි. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 01

කන්‍යා

දහමට අවතීර්ණව ක්‍රියාවේ යෙදෙන දිනකි. අධ්‍යාත්මික ගුණ වගාවන්හි යෙදේ. පරාර්ථකාමීව ක්‍රියාකරන අතර වෙහෙර විහාරාදියෙහි වැඩිපුර කාලය යොදවයි. තරමක් වැයපස ඉහළ යයි. සෙම් බහුල රෝග මතු කරයි.

ශුභ වර්ණය – කොළ, ජය අංකය – 06

තුලා

ගමන් බිමන් අධික වෙයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරයි. දාන මානාදි පුණ්‍ය කර්මවල ද යෙදේ. ආගමික උත්සව සංවිධානයට හේතුයි. සහභාගි වීමේ අවස්ථා ද යෙදේ. ස්නායුගත රෝග නහර වේදනා මතු කරයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 04

වෘශ්චික

සුපුරුදු ක්‍රියාවන් ගෙන් දුරස්ථව දහමට අවතීර්ණ වේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරයි. පුද පූජා ක්‍රියාවන්හි යෙදෙන අතර සමාජ සත්ක්‍රියා දියත් කරයි. හදිසි ධන ලාභ ද දෙයි. උෂ්ණාධික රෝග මතු කරයි. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 02

ධනු

ක්‍රියාශීලි දිනකි. ආගමික පුද පූජා වතාවත් ගරුකරන අතර තම ඥාතීන් ද දහමට යොමු කරවන ක්‍රියාවන්හි යෙදේ. තරමක් මිල මුදල් වැයවන අතර හදිසි ලාභ ද සුළුවෙන් හෝ ලබයි. සෙම් බහුල රෝග මතු කරයි.

ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 01

මකර

ශුභා ශුභ මිශ්‍රඵල ගෙනදෙන අතර ප්‍රීති උත්සව, සාද වැනි දේවලට හේතුයි. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. ආගමික වතාවත්වල ද යෙදේ. අමතර ලාභ ලබයි. ආමාශගත රෝග, බඩවැල් රෝග මතු වේ.

ශුභ වර්ණය – නිල්, ජය අංකය – 08

කුම්භ

ගමන් බිමන් බහුල වේ. ආගමික කටයුතුවලට මුල් තැන දී ක්‍රියා කරයි. තම ඥාතින් සමග සුහදතාවන් මත කටයුතුවල යෙදේ. තෘප්තිමත්ව ක්‍රියාකරන දිනකි. හදිසි ලාභ ද ලබයි. වාතාධික රෝග මතුකරයි.

ශුභ වර්ණය – දම්, ජය අංකය – 05

මීන

වන්දනා ගමන් වැනි දේ යෙදේ. දහමට අවතීර්ණව ක්‍රියා කරයි. විනෝදජනක ක්‍රියාවන්වල ද යෙදේ. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ඉහළ යයි. අමතර ලාභ ද ලබයි. හදිසි රෝග, කැපුම් කෙටුම් යෙදේ.

ශුභ වර්ණය – කහ, ජය අංකය – 09

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here