මේෂ
ශුභා ශුභ මිශ්‍රඵල සහිතයි. දුරගමන් විනෝදගමන් වැනිදේ යෙදේ. තනතුරු ලාභ ලබයි. උත්සව සාද වැනි දේවල්හි සහභාගිවීමේ අවස්ථා යෙදෙන අතර බලාපොරොත්තු රහිත ලෙස වැයපසද ඉහළ යයි. සිරසගත රෝග, උගුරේ අමාරු මතුවේ. ශුභ වර්ණය – රතු, ජය අංකය – 05
වෘෂභ
ක්‍රියාකාරී දිනකි. රාජකාරිවලට අමතර ක්‍රියාකරකම් යෙදේ. මංගල සාද උත්සව වැනි දේවල් යෙදේ. ආගමික උත්සවද යෙදෙන අතර තරමක් අවිවේකී බවක් ගෙනදෙන දිනකි. වැයපසද ඉහළ යයි. වාත රෝග, සන්ධි රෝග මතුවේ. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 01
මිථුන
රාජකාරි ස්ථානවල තරමක් බාධා මතුවෙයි. සමාජ සේවා කටයුතුවලද යෙදේ. දහමට ද මුල්තැන දී ක්‍රියාකරයි. තම ඇසුරු කරන්නන් නිසාම තරමක් මැසිවිලි මතු කරයි. අඳුරේදී ප්‍රවේශම මැනවි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝගද මතු කරයි. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 06
කටක
ක්‍රියාකාරී දිනකි. තම පවුලේ අයගේ දියුණුව වෙනුවෙන්ද ක්‍රියාකරයි. සමාජ සත්කාරකවලද යෙදේ. වැයපස ද නොසිතූ ලෙස ඉහළයයි. ප්‍රීතිසාද වැනි දේවල්ද යෙදෙයි. ධන ලාභද දෙයි. සෙම්කෝප රෝග මතු කරයි. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 04
සිංහ
තම ඥාති සබඳතා වර්ධනය වෙයි. ප්‍රීති උත්සව, මංගල සාද වැනි දේවල්වලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. ව්‍යාපාරවලද පැහැදිලි දියුණුවකට හේතුයි. දහමටද ළැදිව ක්‍රියාකරයි. සිරසගත රෝගවලට හේතුයි. ශුභ වර්ණය – ළා දම්, ජය අංකය – 01
කන්‍යා
ශුභවාදී ඵලදෙයි. මංගල සාද උත්සව යෙදේ. නවක මිතුදම් ඇතිවේ. ඥාතීන් සමීපවෙයි. අලංකාර කටයුතු සඳහා වැයපස ද ඉහළ යයි. තෘප්තිමත්ව දවස ගෙවෙයි. ප්‍රසාදයට පත්වේ. ආමාශගත රෝගවලට හේතුයි. ශුභ වර්ණය –
ළා කොළ, ජය අංකය – 03
තුලා
ගමන් බිමන් බහුලවෙයි. රැකියා ස්ථානවල මතභේද ඇතිවෙයි. වාද විවාද ශුභවාදී නොවේ. තරමක් කලකිරීම් මතුකරන ප්‍රශ්න ඇතිවෙයි. මිල මුදල් අධිකව වැයවේ. ණය තුරුස්වලට හේතුයි. සෙම් කෝප රෝග මතුකරයි. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 02
වෘශ්චික
ක්‍රියාශීලී දිනකි. රාජකාරි ස්ථානවල ක්‍රියාකාරකම් බහුලවෙයි. තම ඥාති මිත්‍රාදීන් සමග සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. ඉඩකඩම් ලාභයකට හේතුයි. ආර්ථික වර්ධනයට හේතු ගෙනදෙයි. මුත්‍රා ආසාදන රෝග මතුවේ. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 08
ධනු
තරමක් ශුභවාදි ඵල මතුකරයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. දුරගමන් යෙදේ. ප්‍රවේශමෙන්. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. වැයපස ඉහළ යයි. සෙම් ආසාදන රෝග සාදයි. ශුභ වර්ණය – කහ, ජය අංකය – 09
මකර
ශුභා ශුභ මිශ්‍රඵල මතුකරයි. රැකියා ස්ථානවල අස්ථාන චෝදනා ඵල්ල වෙයි. බුද්ධිමත්ව ක්‍රියාකළ යුතුය. වාද විවාද සුදුසු නොවේ. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු දිනකි. සන්ධි ප්‍රදාහ රෝගවලට හේතුයි. ශුභ වර්ණය – තද දුඹුරු, ජය අංකය – 03
කුම්භ
ශුභවාදි ඵල මතුකරයි. ප්‍රබෝධයෙන් දවස ගෙවයි. රැකියාවල උනන්දුවෙන් යෙදේ. ප්‍රීති උත්සව සාද, සුහදතා වර්ධන ක්‍රියා ආදියෙහි යෙදේ. උසස් මිතුරෝ ඇසුරට පත්වෙයි. ආමාශ ගත රෝගවලට හේතුයි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 05
මීන
ශුභා ශුභ මිශ්‍රඵල මතුකරයි. රැකියාවල උසස්වීමකට හේතුයි. ක්‍රියාශීලී දිනකි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. භූමිලාභ භූමි සම්පත් ගෙනදෙන දිනකි. මුත්‍රා ආසාදන රෝගවලට හේතුයි. ශුභ වර්ණය – දම්, ජය අංකය – 07
Saru FM Media









