අද දින ඔබේ දෛවය

0
10

මේෂ

ක්‍රියාකාරකම් බහුල වෙයි. තරමක් තම ඥාතීන් නිසා වැයබර ඉහළ යයි. නීතිමය ගැටලුවක් ශුභවාදීව විසඳේ. නව නිර්මාණකරණයට හේතුයි. හදිසි ධන ලාභ සම්පත් දෙයි. සිරසගත රෝග ද මතු කරයි. ශුභ වර්ණය – තද රෝස, ජය අංකය – 05

වෘෂභ

ක්‍රියාශීලී දිනකි. තමන්ට පැවරෙන ක්‍රියා හරියට ඉටු කරයි. තරමක් සිත් තැවුල් ප්‍රශ්න ද මතුකරයි. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. භූමි ලාභ සම්පත් මතුකරන දිනකි. සන්ධි රෝග, ස්නායුගත රෝග මතුකරයි. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 02

මිථුන

ක්‍රියාකාරී දිනකි. තම අරමුණු ජයගනී. උත්සව, සාද වැනි දේවල් යෙදේ. තම ඇසුරුකරන්නන් නිසා අමතර වියපැහැදම් ඇතිවෙයි. විදෙස්රැ කියා සඳහා අවශ්‍ය මං සැලසෙයි. වාත රෝග, ස්නායුගත රෝග මතුකරයි. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 06

කටක

තරමක් ගමන් බිමන් ද යෙදේ. අවිවේකී බවක් මතුකරයි. සතුරන් දමනය වෙයි. තම රැකියාවන්හි ප්‍රසාදය දිනයි. තම නිර්මාණකරණයට හේතුයි. හදිසි ධනලාභ, සම්පත් දෙයි. සෙම්කෝප රෝග උෂ්ණ රෝග මතුකරයි. ශුභ වර්ණය – කහ, ජය අංකය – 01

සිංහ

ශුභාශුභ ඵල ගෙනදෙයි. තරමක් වෙහෙසව කටයුතුවල යෙදේ. නිවාස අලුත්වැඩියා නව නිර්මාණ ආදිය සිදුකරයි. මනස චංචල කරවන ප්‍රශ්න ද පැනනඟී. හදිසි ධන ලාභ ලැබීම්වලට හේතුයි. මුත්‍රා ආසාදන මතුවේ. ශුභ වර්ණය – ළා දම්, ජය අංකය – 07

කන්‍යා

ගමන් බිමන් බහුල වෙයි. උත්සව සැණකෙළි වැනි දේවලට සහභාගි වෙයි. නිවාස අලංකාරකරණයට හේතුයි. විනෝදජනක ක්‍රියාවන්හි යොමුවෙයි. නවක මිතුදම් ඇතිවෙයි. හදිසි ධන ලාභ ද ගෙනදෙයි. සිරසගත රෝග ද මතුකරයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 06

තුලා

තරමක් අවිවේකී දිනකි. නව බඩු බාහිරාදිය මිලට ගැනීමට හේතුයි. ඇඳුම් පැළඳුම් වැනි දේට ද වැයපස ඉහළ යයි. කෘෂිකාර්මික කටයුතුවලින් ජයදෙයි. දුර ගමන් විනෝද ගමන් යෙදේ. අමපණ ලාභ ලබන දිනකි. පෙනහළු ආසාදන රෝගවලට හේතුයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 04

වෘශ්චික

අමතර ක්‍රියාකාරකම්වල යෙදේ. දුරගමන් බිමන් ද යෙදෙන අතර නිවාස අලුත්වැඩියාවන්ට ද හේතුයි. අලංකාර කටයුතු, ඇඳුම් පැළඳුම් වැනි දේට මිල මුදල් වැය කරයි. නවක මිතුදම් යෙදේ. මුත්‍රා ආසාදන රෝග මතුකරයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 08

ධනු

ශුභ ඵල මතුකරයි. ප්‍රබෝධයෙන් රාජකාරිවල යෙදේ. විනෝදජනක කටයුතුවල යෙදේ. මිල මුදල් වැයවේ. ඉඩකඩම් මිලට ගැනීමට යෑමේදී දුරදිග බලා ක්‍රියාකිරීම මැනවි. ශුභ වර්ණය – තද කහ, ජය අංකය – 07

මකර

ශුභාශුභ මිශ්‍ර ඵල මතුකරයි. රාජකාරි බහුල වීමෙන් අවිවේකය මතුකරයි. තරමක් ආවේගශීලී ගති ද මතුකරයි. එබැවින් ඉවසීම වැදගත්. නිෂ්ඵල ගමන් ද යෙදේ. හදිසි රෝග, ශල්‍යකර්ම වැනි දේට හේතු බැවින් ප්‍රවේශම මැනවි. ශුභ වර්ණය – දම්, ජය අංකය – 03

කුම්භ

ශුභඵල සහිතයි. රැකියා ලාභ ලැබීම් උසස් වීම් වැනි දේට හේතුයි. ආදර සබඳතා වර්ධනය වෙයි. තරමක් විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. ලිපි ලේඛන කටයුතුවලින් ජය දෙයි. කලක් වධ දුන් රෝග සමනය වන දිනකි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 01

මීන

ශුභවාදී ඵල මතුකරයි. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවකට හේතුයි. සතුරු බලපෑම් දමනය වෙයි. ඇසුරුකරන්නන් අතර ප්‍රධාන වෙයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සෙම් ආසාදන රෝග මතුකරයි. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 09

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here