මේෂ
තරමක් රාජකාරි බහුල දිනකි. අවිවේකි බව ගෙන දෙයි. පොදුසේවා, සමාජ සද්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. සතුරු බලපෑම් යටපත් කරගැනීමේ ශක්තිය ඇතිවේ. හදිසි ධනලාභ දෙයි. සෙම් රෝග, උෂ්ණාධික රෝග මතු කරයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 07
වෘෂභ
තම රාජකාරි සෘජුව ඉටුකරයි. සමාජ සද්කාරක ක්‍රියා ආදියෙහි ද යෙදේ. ගමන් බිමන් ද බහුල වෙයි. තම ළඟම ඥාතීන්ගේ අවශ්‍යතා මත ධනය හා කාලය ද වැය කිරීමට සිදුවෙයි. මුත්‍ර රෝග, මේහ රෝග මතුකරයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 04
මිථුන
රාජකාරි තරමක් බහුල දිනකි. අවිවේකියි. තම වැඩකටයුතුවලට තරමක් බාධා වෙයි. ගමන් බිමන් යෙදෙන අතර නිෂ්ඵල ක්‍රියාද යෙදෙන බැවින් ඉදිරිපත් වීම ද මැනවි. අමතර ලාභ ලබයි. නාරිවේදනා, ඉදිමුම් රෝග දේ. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 03
කටක
රාජකාරිවලදී තරමක් අවිවේකි වෙයි. වගකීම් ද බහුල දිනකි. තරමක් වෙහෙසව ක්‍රියාකිරීමට සිදුවෙයි. බලාපොරොත්තු රහිතව මිල මුදල් වැයවෙයි. සිරසගත රෝග, උෂ්ණ රෝග මතුවේ. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 05
සිංහ
තරමක් ශුභඵල මතුකරයි. උනන්දුවෙන් රැකියාවල යෙදේ. තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. සතුරු බලපෑම් එල්ලවෙයි. ලිපි ලේඛනවලින් ජයග්‍රහන ලබයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සෙම් ආසාදන රෝග සාදයි. ශුභ වර්ණය – ළා දම්, ජය අංකය – 01
කන්‍යා
ශුභවාදී ඵල මතු කරයි. දුරගමන් යෙදේ. තම අභිමතව කරුණු ජයගනී. සතුරු බලපෑම් ඉවත් වෙයි. තම වටිනාකම ඇසුරු කරන්නන් අතර ප්‍රචලිත වෙයි. විනෝදජනක ක්‍රියාවල යෙදේ. සිරසගත රෝග යෙදෙයි. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 06
තුලා
ශුභාශුභ මිශ්‍රඵල මතුකරයි. කෙටිගමන් බහුල වෙයි. ගමන් බිමන්වලදි ප්‍රවේශම මැනවි. ලිපි ලේඛනවලින් ජය ලබන අතර නව නිපැයුම් ඇරඹීමට හේතුයි. හදිසි ධන වාසනා ලාභ ගෙනදෙයි. අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතු කරයි. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 08
වෘශ්චික
ශුභාශුභ මිශ්‍රඵල මතුකරයි. විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. සුහදතාවට වර්ධන කටයුතු දියත් කරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව කටයුතු කරයි. ශරීර සෞඛ්‍ය තරමක් දුර්වල වෙයි. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 02
ධනු
ශුභවාදි ඵල මතුකරයි. රැකියා ලාභ ලැබීම්වලට හේතුයි. තනතුරු ලාභ ලබයි. ව්‍යාපාර දියුණු වෙයි. දුරස්ථව සිටි ඥාතීන් සමීපවෙයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. දහමට ළැදිවෙයි. අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතු කරයි. ශුභ වර්ණය – කහ, ජය අංකය – 01
මකර
ශුභාශුභ ඵල මතු කරයි. යහපත් චේතනා මතුවෙයි. දුරස්ථ කළ මිතුරන් සමීපයට ගනී. විනෝදමත්ව රැකියාවල යෙදේ. තරමක් වැයපස අධික වන දිනකි. අලංකාර කටයුතු සඳහා යොමුවෙයි. නහර වේදනා, ස්නායුගත රෝගවලට හේතුයි. ශුභ වර්ණය – දම්, ජය අංකය – 08
කුම්භ
ශුභඵල ගෙනදෙයි. තම අරමුණු ජයගනී. තත්ත්වයේ උසස් වීමකට හේතුයි. රැකියා ස්ථානවල ප්‍රසාදය දිනයි. මිල මුදල් තරමක් වැයවන දිනකි. සුහද හමුවීම් වැනි දේට හේතුයි. දහමට ළැදිව ක්‍රියාකරයි. තරමක් සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 05
මීන
ශුභවාදි ඵල ගෙනදෙයි. ව්‍යාපාර දියුණුවෙයි. රාජකාරිවලදී ක්‍රියාශීලී වෙයි. ඥාතී මිත්‍රාදින් ඒකරාශීව ක්‍රියාකරයි. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. දුරස්ථව සිටි ඥාතීන් සමීපවෙයි. සෙම් රෝග, පෙණහලු ආශ්‍රිත රෝග වර්ධනය වෙයි. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 09
Saru FM Media