මේෂ
ක්‍රියාශීලී දිනකි. ආගමික වතාවත් උත්සව වැනි දේවල්වල යෙදේ. තම ඥාති මිත්‍රාදීන් දහමට යොමු කරවයි. තම කාලය වැඩි ප්‍රමාණයක් පොදු වැඩ සඳහා ගත කරයි. ප්‍රීති උත්සව සාද වැනි දේ යෙදේ. සෙම් බහුල රෝග මතු කරයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 03
වෘෂභ
ගමන් බිමන්, වන්දනා ගමන් වැනි දේවල්හි සහභාගි වෙයි. ප්‍රීතිසාද යෙදේ. ඒවා සංවිධානයට හේතුයි. බොහෝ විහාරයන්හි පුද පූජාවල යෙදේ. තරමක් වැයපස ඉහළයි. වාත රෝග, සන්ධි රෝග මතු කරයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 08
මිථුන
කලබලකාරී දිනකි. සමාජය එක්ක කරන ක්‍රියාවන්හි යෙදේ. ආගමික උත්සව සංවිධානයට හේතුයි. උත්සව සාද වැනි දේවල් ද යෙදේ. බලාපොරොත්තු සහගත ලෙස වැයපස ඉහළයයි. නේත්‍ර රෝග, මුඛ රෝග මතු කරයි. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 09
කටක
පූජ්‍ය පක්ෂය සමග ඒකරාශීව ක්‍රියාකරයි. ආගමික උත්සව සංවිධානයට හේතුයි. රාජකාරි ද තරමක් බහුල දිනකි. බලාපොරොත්තු රහිත ලෙස වැය පසද ඉහළ යයි. හදිසි ලාභද දෙයි. සිරසගත රෝග උෂ්ණ රෝග මතු කරයි. ශුභ වර්ණය – කහ, ජය අංකය – 06
සිංහ
රාජකාරිවල ප්‍රබෝධයෙන් යෙදේ. ප්‍රීතිසාද වැනි දේවල්වලට සහභාගිවීමට සිදුවෙයි. අන් අයගෙන් තෑගි ලාභද ලබයි. මිතුදම් වර්ධනය වන ක්‍රියා යෙදේ. වාතාධික රෝග, සන්ධි ප්‍රදාහ මතුවේ. ශුභ වර්ණය – ළා රෝස, ජය අංකය – 01
කන්‍යා
ක්‍රියාශීලී දිනකි. රාජකාරි ස්ථානවල බාධා ඉවත් වෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට පත්වෙයි. දුරස්ථ වූ ඥාති මිත්‍රාදීන් සමීප කරවන කරුණු කාරණා යෙදේ. දහමට ළැදියි. නේත්‍ර රෝග, මුඛ රෝග මතු කරයි. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 06
තුලා
ක්‍රියාශීලී දිනකි. තම රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම්වල යෙදේ. සුහඳතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. බලාපොරොත්තු නොවන ලෙස වැයපස ඉහළයි. මූලාර්ශස් රෝග මතුවේ. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 07
වෘශ්චික
අවිවේකී බව ඇතිවේ. රාජකාරිවලදී සහජ ගුණයෙන් ක්‍රියාකරයි. මහජන ප්‍රසාදයට පත්වෙයි. තරමක් අලසගති ඉස්මතු වෙයි. මිල මුදල් තරමක් වැයවේ. දහමට ළැදිව ක්‍රියාකරයි. මුත්‍රා ආසාදන මතුවේ. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 08
ධනු
ආගමික උත්සව සංවිධානයට හේතුයි. අධ්‍යාත්මික ගුණ වගාවල නිරත වෙයි. ඇසුරු කරන්නන් දහමට යොමු කරවන ක්‍රියා දියත් කරයි. මිල මුදල් වැයවන දිනකි. ආමාශ ගත රෝග මතු කරයි. ශුභ වර්ණය – ළා කොළ, ජය අංකය – 02
මකර
තම ඥාති මිත්‍රාදීන් හා ඒකරාශීව ක්‍රියාකරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. ආගමික පුදපූජා ශීලාදි ගුණධර්ම දියත් කරයි. සුහද සිතුවිලි මත ක්‍රියාකරයි. ඉදිමුම් රෝග, වාත රෝග මතුවේ. ශුභ වර්ණය – තද දුඹුරු, ජය අංකය – 04
කුම්භ
දනාමානාදී ක්‍රියාවන්, අධ්‍යාත්මික ගුණවගාවන් ආදී ක්‍රියාවන්හි යෙදෙන සිත් පහන් ඇතිවන දිනකි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන අතර විනෝද ගමන් බිමන් යෙදේ. සෙම් රෝග, කාය රෝග මතුකරයි. ශුභ වර්ණය – දම්, ජය අංකය – 05
මීන
දහමට අවතීර්ණව දවස ක්‍රියාකරයි. තම ඥාති මිත්‍රාදීන් දහමට යොමුකරවන ක්‍රියා දියත් කරයි. තරමක් වැයපස ඉහළයයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට පත්වෙයි. බඩවැල් ආශ්‍රිත රෝග මතු කරයි. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 07
Saru FM Media









