අද දින ඔබේ දෛවය

0
1

මේෂ

ක්‍රියාකාරකම් යෙදේ. තෝරා බේරා ක්‍රියා කළ යුතු, තරමක් ගමන් බිමන් ද විනා්දජනක ක්‍රියාද යෙදේ. බලාපොරොත්තු නොවන ලෙස වැයපස ද ඉහළ යයි. හදිසි ලාභ දෙයි. සෙම් බහුල රෝග, උෂ්ණාධික රෝග දේ. ශුභ වර්ණය – තද රෝස, ජය අංකය – 03

වෘෂභ

අවිවේකී දිනකි. රාජකාරි බහුලයි. තම ක්‍රියාකාරකම් ද බහුලවෙයි. සමාජසද්කාර ක්‍රියාද යෙදේ. දේපළ පිළිබඳ පැවැති ගැටලුවක් ශුභවාදීව විසඳේ. හදිසි ධන ලාභ ද ගෙන දෙයි. මුත්‍රා රෝග, අශ්මරි වැනි දේට හේතුයි. ශුභ වර්ණය – අළු පැහැය, ජය අංකය – 08

මිථුන

රාජකාරි ස්ථානවල තරමක් අවිවේකී බව මතු කරයි. උත්සව සාද වැනි දේවල් ද යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. පැරණි මිතුදම් වර්ධනය වෙයි. අලංකාර දේ සඳහා වැය ඉහළයි. සන්ධි ඉදිමුම්, වාත රෝග මතුවේ. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 09

කටක

ක්‍රියාශීලි දිනකි. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම් යෙදේ. ඍජුව ක්‍රියාකිරීමෙන් ජය ලබයි. දහමට ළැදිව ක්‍රියා කරයි. භූමිලාභ සම්පත් මතු කරයි. විනෝදජනක ක්‍රියාද යෙදේ. සිරසගත රෝග මතුවේ. ශුභ වර්ණය – කහ, ජය අංකය – 05

සිංහ

අවිවේකී දිනකි. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. අන්අයගෙන් උපදෙස් උපකාර ද ලබයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. භූමිලාභ ගෙනදෙයි. සෙම් බහුල රෝග, පෙණහලු ආසාදන මතු වේ. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 01

කන්‍යා

ගමන්බිමන් අධික වන අතර ප්‍රවේශමෙන් නිෂ්ඵල ගමන් ද යෙදේ. බුද්ධිමත් විය යුතු අතර දුරදිග බලා ක්‍රියා කළ යුතුය. තම මතයට වැඩ කිරීම ශුභවාදී නොවන අතර හදිසි ධනලාභ ද මතු කරයි. ආමාශගත රෝග මතුකරයි. ශුභ වර්ණය – ළා රෝස, ජය අංකය – 06

තුලා

රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම්වල යෙදීමෙන් අවිවේකී බව ඉස්මතු වෙයි. විවේචනයට ලක්වීමට ඉඩ ඇති බැවින් බුද්ධිමත් වීම වැදගත්ය. හදිසි ධන ලාභ ලැබීම්වලට හේතුයි. මුත්‍රා ආසාදන රෝග සාදයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 07

වෘශ්චික

උනන්දුවෙන් රාජකාරිවල යෙදේ. නමුත් විවේචනයට ලක්වෙයි. ඉවසීම වැදගත්ය. පහත් ඇසුරට ඉඩ තිබේ. දුරදිග කල්පනාව මැනවි. ප්‍රේම සබඳතා ද ඇතිවෙයි. භූමිලාභ ගෙනදෙයි. හදිසි රෝග, කැපුම් කෙටුම්වලට හේතුයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 04

ධනු

පවුලේ වගකීම තමන් පිට පැවරෙන අතර රාජකාරිවල ද ක්‍රියාකාරකම් බහුල වෙයි. උත්සාහයේ තරමට තම අරමුණු ජයගනී. ප්‍රීති උත්සව සාද වැනි දේවලට ද හේතුයි. හදිසි ලාභ දෙයි. ඉදිමුම් රෝග, මේහ රෝග මතුවේ. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 02

මකර

ක්‍රියාකාරකම් බහුලවෙයි. අතපසුවීම්වලට හේතුයි. අන් අයගේ විවේචනයට හේතු වන බැවින් බුද්ධිමත්ව ක්‍රියාවේ යෙදිය යුතු දිනකි. බලාපොරොත්තුවූ විදෙස් ගමනක් සඳහා පහසුකම් සැලසේ. ලේ දූෂිත රෝග මතුකරයි. ශුභ වර්ණය – තද දුඹුරු, ජය අංකය – 06

කුම්භ

ක්‍රියාකාරකම් බහුල වෙයි. උනන්දුවෙන් රාජකාරිවල යෙදේ. ප්‍රීති උත්සව සාද යෙදේ. වැදගතුන් සමග සබඳතා ඇතිකර ගැනීමේ අවස්ථා යෙදේ. ආගමික වතාවත් ගරු කර ක්‍රියාකරන දිනකි. මූලරෝග, බඩවැල් රෝග මතු කරයි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 05

මීන

ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. තැන්පත් ධනය වැය වන දිනකි. උත්සව සභාවන් යෙදේ. විනෝදජනක ක්‍රියාවන්හි යොමුවෙයි. මහජන ප්‍රසාදයට පත්වන දිනකි. හදිසි ධන වාසනා ලබයි. නේත්‍ර රෝග, කර්න රෝග මතුවේ. ශුභ වර්ණය – දම්, ජය අංකය – 07

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here