අද දින ඔබේ දෛවය

0
1

මේෂ – ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ආගමික වතාවත්, උත්සව වැනි දේවල්හි යෙදේ. තම ඥාති මිත්‍රාදීන් දහමට යොමු කරවයි. උත්සව සාද වැනි දේවල් ද යෙදේ. තරමක් වැය ඉහළ යයි. සිරසගත රෝග, සෙම් රෝග මතු වේ. ශුභ වර්ණය – රතු, ජය අංකය – 03

වෘෂභ – ක්‍රියාශීලි දිනකි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම් යෙදේ. ගමන් බිමන් ද බහුල වෙයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. ආගමික උත්සව වැනි දේවල්හි ද යෙදේ. සෙම් කෝප රෝග ද මතු කරයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 01

මිථුන – නව අරමුණු මත ක්‍රියා කරයි. උත්සව සාද වැනි දේ යෙදේ. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළයි. දුරස්ථ ඥාතීන් සමීප වෙයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. අමතර ලාභ ලබයි. ස්නායු පද්ධතියේ රෝග, වාත රෝග මතු වේ. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 06

කටක – අවිවේකි දිනකි. ආගමික උත්සව හා වතාවත් වැනි දේ සඳහා යොමුවෙයි. වන්දනා ගමන් වැනි දේ, විනෝදජනක ක්‍රියා වැනි දේ යෙදේ. හදිසි ධන ලාභ ලැබීම් ඇති වෙයි. මූල රෝග, භගන්දරා වැනි දේ යෙදේ. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 07

සිංහ – ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. තරමක් ආවේගශීලීව ක්‍රියාකරයි. යටපත් වූ සතුරු බලපෑම් යළි ඉස්මතු වෙයි. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. සිරසගත රෝගවලට හේතුයි. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 01

කන්‍යා – ශුභවාදි ඵල මතු කරයි. නව නිර්මාණකරණයට ශුභයි. දුරගමන්, විදෙස් ගමන් වැනි දේවලට හේතුයි. තම ව්‍යාපාරවල තත්ත්වය පහත වැටේ. තරමක් කලකිරුණු ස්වරූපයෙක පෙන්වයි. ආමාශගත රෝග සාදයි. ශුභ වර්ණය – කහ, ජය අංකය – 05

තුලා – ශුභාශුභ මිශ්‍රඵල මතුවෙයි. ප්‍රබෝධමත්ව රැකියාවන්හි යෙදේ. තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. නවක මිතුදම් වර්ධනය වෙයි. සෙම් රෝගවලට හේතුයි. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 02

වෘශ්චික – ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. අලංකාරකරණයට වැයපස ඉහළ යයි. රැකියා ස්ථානවල චෝදනා එල්ල වෙයි. ඉවසීමෙන් ක්‍රියා කළයුතු දිනකි. හදිසි රෝගවලට හසුවෙයි. ශල්‍යකර්ම වැනි දේ යෙදේ. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 04

ධනු – ශුභාශුභ ඵල දෙයි. දාන ශීලාදි ගුණධර්ම ගරු කරයි. ආගමික වතාවත් ගරු කරයි. නවක මිතුදම් ඇති වෙයි. වන්දනාගමන් ද විනෝද ගමන් ද යෙදෙන අතර වැය ඉහළ යන දිනකි. බඩ අමාරු පීඩා මතු කරයි. ශුභ වර්ණය – අළු පැහැය, ජය අංකය – 02

මකර – වන්දනාගමන්, විනෝදගමන් වැනි දේවල්වලට හේතුයි. ප්‍රීති උත්සව සාද යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. දහමට අවතීර්ණව ක්‍රියාකරයි. පදිංචියේ වෙනසකට හේතු කරුණු යෙදේ. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 08

කුම්භ – දුරගමන්, ආගමික ගමන් යෙදේ. සමාජ සද්කාරක ක්‍රියාවන්හි ද යෙදේ. පරාර්ථකාමීව ක්‍රියා කරයි. ආගමික උත්සව, පුද පූජා කර්ම ආදියෙහි යෙදේ. හදිසි ධන ලාභ ලබයි. ශිරෝගත රෝග, උෂ්ණ රෝග මතුවේ. ශුභ වර්ණය – දම්, ජය අංකය – 05

මීන – දහමට අවතීර්ණව දවස ගෙවයි. දානමය පුණ්‍ය කර්ම, ශීල ගුණධර්මාදියෙහි යෙදෙන දිනකි. සමාජ සද්කාරක ක්‍රියාවන්හි යෙදේ. ප්‍රීති උත්සව වැනි දේවල් යෙදෙන අතර වැය ඉහළ යන දිනකි. සෙම් රෝග, උෂ්ණ රෝග මතු වේ. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 09

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here