මේෂ
ක්‍රියාකාරකම් බහුල වෙයි. තරමක් අවිවේකි දිනකි. උත්සව, සාද වැනි දේ සංවිධානයට එවැනි දේ සඳහා සහභාගි වීමේ අවස්ථා යෙදේ. ආගමික උත්සව වැනි දේ සඳහා සහභාගි වීමේ අවස්ථා යෙදේ. සෙම්කෝප රෝග මතුවේ. ශුභ වර්ණය – රතු, ජය අංකය – 09
වෘෂභ
දුර ගමන් යෙදෙන තම ව්‍යාපාරවල දියුණුවක් දෙන දිනකි. තරමක් වෙහෙස මහන්සිව ක්‍රියා කළ යුතු අතර ඉඩකඩම් පිළිබඳ පැවැති ප්‍රශ්නයක් සාර්ථකව විසඳේ. සුහදතාව වර්ධන ක්‍රියාවන්හි යෙදේ. ඉදිමුම් රෝග, සන්ධි ප්‍රදාහ මතුවේ. ශුභ වර්ණය – කහ, ජය අංකය – 04
මිථුන
ක්‍රියාකාරකම් බහුලයි. උත්සව සාද, මංගල සාද වැනි දේවල්වලට සහභාගි වෙයි. නවක මිතුදම් ඇතිවෙයි. අමතර ලාභ ලැබීම් ඇතිවෙයි. විදෙස් ගමන් සඳහා මූලික අදියර ජයගනී. හදිසි ධනලාභ ලබයි. මුත්‍රා ආසාදන මතු කරයි. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 03
කටක
ක්‍රියාශීලියි. තනතුරු ලාභ ලබයි. ප්‍රීති සාද, උත්සව යෙදේ. වැයපස ද ඉහළ යයි. මංගල සාද වැනි දේවල් යෙදේ. ඥාති සබඳතා වර්ධනය වෙයි. නව නිර්මාණකරණයට ශුභයි. හදිසි ධනලාභ ලබයි. සිරසගත රෝග මතුකරයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 05
සිංහ
ක්‍රියාශීලි දිනකි. ආගමික උත්සව සංවිධානයට හේතු ඇතිවෙයි. තරමක් වැයපස ඉහළ යයි. තම ඥාති මිත්‍රාදීන් දහමට යොමු කරවයි. අමතර ධන ලාභ ද මතුකරයි. ශිරෝ රෝග, මුඛ රෝග මතුකරයි. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 01
කන්‍යා
ක්‍රියාකාරි දිනකි. තරමක් සැනසිලිදායක සද්ක්‍රියා කරයි. දහමට ළැදිවන අතර දාන ශීලාදී ක්‍රියාකාරකම්වල යෙදේ. තම ඥාතින් ද දහමට යොමු කරවයි. වැයපස ඉහළයි. සන්ධි ප්‍රදාහ රෝග, ඉදිමුම් රෝග මතුවේ. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 06
තුලා
දුර ගමන්, වන්දනා ගමන් වැනි දේ යෙදෙන අතර තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියාකරයි. දහමට ළැදිව ක්‍රියා කරයි. ආගමික වතාවත්වල ද යෙදේ. තරමක් වැය ඉහළයි. මූල රෝග, භගන්දරා රෝග සෑදෙයි. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 07
වෘශ්චික
ප්‍රීති උත්සව, සාද වැනි දේවල්වල යෙදේ. ගමන් බිමන් බහුලයි. ආගමානුකූල චාරිත්‍රවල යෙදෙන දිනකි. විනෝද ගමන් ද යෙදේ. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ඉහළයි. ප්‍රමේහ වාත රෝග මතුවෙයි. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 02
ධනු
ක්‍රියාශීලි දිනකි. තම නිවස උත්සවශ්‍රියාවක් මතුකරයි. ඥාතීන් අතර ප්‍රධාන වෙයි. ඔවුන් වෙනුවෙන් වැයපස ද ඉහළ යයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. හදිසි ධනලාභ ගෙනදෙන දිනකි. බඩවැල් ආශ්‍රිත රෝග මතුකරයි. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 09
මකර
ශුභාශුභ මිශ්‍රඵල උදාකරයි. තම පවුලේ අය සහ ළඟම ඥාතීන් මුල්කර කරන අලංකාර දේ සඳහා වැයපස ඉහළ යයි. උත්සව, සැණකෙළි වැනි දේවලට සහභාගි වෙයි. දහමට ළැදිව ක්‍රියාකරයි. හදිසි රෝග, ශල්‍යකර්ම වැනි දේට හේතුයි. ශුභ වර්ණය – ළා නිල්, ජය අංකය – 08
කුම්භ
ක්‍රියාකාරකම් බහුල දිනකි. ව්‍යාපාර ඉහළ මට්ටමක පවතී. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදුවන අතර අලංකාර දේ සඳහා වැයපස ඉහළයි. අමතර ලාභ ද ලබන දහමට ළැදි දිනකි. වාතාධික රෝග, ඉදිමුම් රෝග මතුවේ. ශුභ වර්ණය – දම්, ජය අංකය – 01
මීන
අවිවේකි දිනකි. තම අවශ්‍යතා මෙන්ම තම ඥාතීන්ගේ අවශ්‍යතාවන් මත ක්‍රියාකිරීමට සිදුවන නා නා අවශ්‍යතා මත වැයපස ඉහළ යන දිනකි. උත්සව, සැණකෙළි වැනි දේවලට ද සහභාගි වෙයි. ශිරෝගත රෝග, උෂ්ණාධික රෝග මතුවේ. ශුභ වර්ණය – ළා කොළ, ජය අංකය – 07
Saru FM Media











