අද දින ඔබේ දෛවය

0
1

මේෂ –

සැලසුම්සහගතව දවස ක්‍රියාකරයි. තමන්ට තරමක් අවිවේකී බවක් ගෙනදෙයි. වගකීම් දැරීමට සිදුවෙයි. ක්‍රියාකාරකම්වලදී ප්‍රධානව ක්‍රියා කරයි. හදිසි ධන සම්පත් ලබයි. සිරසගත රෝග ද මතුකරයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 03

වෘෂභ –

රාජකාරි බහුලයි. අවිවේකී බවක්

ගෙනදෙයි. ක්‍රියාකාරකම්වලදී බාධා එල්ල වෙයි. ඉවසීමෙන් තීරණ ගෙන කටයුතු කළ යුතුයි. තම ව්‍යාපාර දියුණුවට පත්වෙයි. අමතර ලාභ දෙයි. මුත්‍රා ආසාදන මතුකරයි. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 01

මිථුන –

රාජකාරිවලදී අවිවේකී බවක් මතුකරයි. ගමන් බිමන් බහුල වෙයි. අතපසුවීම් වැඩි වෙයි. තම ක්‍රියාකාරකම් සඳහා අන් අයගේ අවධානය ප්‍රබල හෙයින් ඉවසීමෙන් දවස ක්‍රියාකළ යුතුයි. සන්ධි ප්‍රදාහ රෝග මතුකරයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 06

කටක –

දවසේ තම ක්‍රියාකාරකම් ඍජුව ඉටුකරයි. සුහදතා වර්ධන ක්‍රියා යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. රැකියා ස්ථානවල බාධා ඉවත් වෙයි. තම වටිනාකම ප්‍රදර්ශනය වෙයි. හදිසි ලාභ ලබයි. සෙම්කෝප රෝග මතුකරයි. ශුභ වර්ණය – කහ, ජය අංකය – 05

සිංහ –

ප්‍රබෝධයෙන් දවසේ ක්‍රියාකරයි. තම ඥාති මිත්‍රාදීන් සමග සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. නිවාස අලංකාරකරණයට හේතුයි. විනෝදයෙන් දවස ගෙවයි. අමතර ලාභ ලැබීම්වලට හේතුයි. නේත්‍ර රෝග මතුවේ. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 01

කන්‍යා –

ගමන් බිමන් තරමක් බහුල වෙයි. උත්සව, සැණකෙළි වැනි දේවලට සහභාගි වෙයි. පැරණි මිතුදම් වර්ධනය වෙයි. දහමට ද ළැදිව ක්‍රියාකරයි. අමතර ලාභ ගෙනදෙන දිනකි. මුලාර්ශස් රෝග මතුවෙයි. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 07

තුලා –

තරමක් වෙහෙසව ක්‍රියාකරයි. දුර ගමන් යෙදේ. විනෝදජනක ක්‍රියාවන්වල ද යෙදේ. ආගමික වතාවත්වල ද යෙදෙන දිනකි. සුහදතා වර්ධන කටයුතුවල ද යෙදෙයි. තැන්පත් ධනය තරමක් වැයවේ. වාතාධික රෝග මතුවෙයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 02

වෘශ්චික –

ගමන් බිමන් යෙදෙන අතර තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකරයි. විනෝදජනක ක්‍රියාවන්හි යෙදෙන අතර අමතර ලාභ ලබයි. දහමට ළැදිව ද ක්‍රියාකරන දිනකි. වැයපස ඉහළ යයි. සෙම්කෝප රෝග මතුවන දිනකි. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 08

ධනු –

තරමක් කලබලකාරී ගති මතුකරයි. විනෝද ගමන්, ආගමික ගමන් වැනි දේවල් යෙදේ.

පුද පූජා කර්මවල යෙදෙන අතර ඒ සඳහා මිල මුදල් වැය කරයි. සංසුන් සිතුවිලි මත දවස ගෙවයි. අක්‍ෂි රෝග, මුඛ රෝග මතුකරයි. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 02

මකර –

ගමන් බිමන් බහුල වෙයි. ආගමික උත්සව සංවිධානයට හේතුයි. දානමානාදි ගුණදහම්වල යෙදේ. තම ඥාති මිත්‍රාදීන් එවැනි දේ සඳහා යොමු කරවයි. සුළු සුළු ගමන් බිමන් යෙදේ. ආමාශගත රෝග මතුකරයි. ශුභ වර්ණය – දම්, ජය අංකය – 04

කුම්භ –

දුර ගමන්, වන්දනා ගමන් යෙදේ. අධ්‍යාත්මික ගුණවගාවන් කෙරෙහි යොමු වෙයි. ආගමික උත්සවවලට සහභාගි වෙයි. දහමට මිල මුදල් වැය කරයි. ප්‍රීති සාද වැනි දේ සඳහා ද යොමු වෙයි. සෙම්කෝප කාස රෝග සාදයි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 05

මීන –

සුළු සුළු ගමන් බිමන් යෙදේ. ආගමික වතාවත්වල යෙදේ. ආගමික උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. ප්‍රීති උත්සව, සුහද හමුවීම් වැනි දේවලට හේතුයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝගවලට හේතුයි. ශුභ වර්ණය – ළා කොළ, ජය අංකය – 09

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here