අද දින ඔබේ දෛවය

0
13

මේෂ

රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම් යෙදේ. අවිවේකී බව ගෙනදෙයි. තම ළඟම ඥාතීන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කාලය සහ ධනය ද වැය කිරීමට සිදුවන අතර කලබලකාරී දිනකි. සිරස රෝග දෝස මතුවේ. ශුභ වර්ණය – රතු, ජය අංකය – 07

වෘෂභ

දුර ගමන් යෙදේ. තරමක් වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවෙයි. තමන් අරමුණු කළ ක්‍රියාකාරකම්වලින් ජයග්‍රහණ ලබයි. තරමක් විනෝදජනක ක්‍රියා ද යෙදේ. ඇසුරුකරන්නන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකරයි. සන්ධි රෝග මතුකරයි. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 02

මිථුන

තරමක් ඍජු ගුණයෙන් දවස ක්‍රියාකරයි. තම අරමුණු ජයගනී. ඉඩකඩම් පිළිබඳ ගැටළුවක් ශුභවාදීව විසඳෙන ලකුණු පෙනේ. තම සතුරන් ධමනය කර ඉදිරියට යෑමේ ශක්තිය ඇති කරයි. සෙම්රෝග උෂ්ණ රෝග මතුවේ. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 08

කටක

තම අරමුණු තරමක් හෝ ජයගනී. ඇසුරුකරන්නන්ගේ උදව් උපකාර ද ලබයි. රැකියා ස්ථානවල පැවැති බාධා ඉවත් වෙයි. තම වටිනාකම ප්‍රදර්ශනය වෙයි. අමතර ලාභ ගෙනදෙන දිනකි. මුත්‍රා රෝග, මේහ රෝග මතුකරයි. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 04

සිංහ

ගමන් බිමන් බහුල වේ. රාජකාරි ද තරමක් ගැටලුසහගත වෙයි. සුළු සුළු සාද වැනි දේවල්වලට යොමු වෙයි. මිල මුදල් තරමක් වැයවෙයි. අමතර ලාභ ලැබීම්වලට හේතුයි. සෙම් කෝප රෝග මතුවේ. ශුභ වර්ණය – ලා දම්, ජය අංකය – 01

කන්‍යා

ක්‍රියාකාරී දිනකි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාද යෙදෙන දිනකි. ඥාති මිත්‍රාදීන් සමග අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වැඩ සැලසුම් යෙදේ. බලාපොරොත්තු නොවන ලෙස විය පැහැදම් ඇතිවේ. බඩවැල් ආශ්‍රිත රෝග මතු කරයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 09

තුලා

රාජකාරි ස්ථානවල බාධා එල්ල වෙයි. තරමක් සිත් චංචල වෙයි. තම ඥාති මිත්‍රාදීන් සමග ඒකරාශීව ක්‍රියාකරයි. උත්සව සැණකෙළි ද යෙදේ. මිල මුදල් වැය වන විනෝද දිනකි. කොන්ද ආශ්‍රිත රෝග, හෘද රෝග මතුවේ. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 06

වෘශ්චික

තරමක් ගමන් බිමන් අධික දිනකි. අවිවේකී බවක් ගෙනදෙයි. රැකියා ස්ථානවල පොඩි බාධා එල්ල වෙයි. ප්‍රීතිසාද උත්සව යෙදේ. ගනුදෙනුවලදී ප්‍රවේශම මැනවි. හදිසි ලාභ ලැබීමට හේතුයි. ශිරෝ රෝග ද මතුවේ. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 03

ධනු

ශුභාශුභ ඵලදෙයි. කලකිරීම් ඇති කරවන ප්‍රශ්න මතුකරයි. වැයපස ඉහළ යන කරුණු යෙදේ. සෘජු ගුණයෙන් ක්‍රියාකරයි. දහමට ළැදි වෙයි. තම ඥාතීන් ද දහමට යොමු කරවයි. මුත්‍රා ආසාදන රෝග මතුවෙයි. ශුභ වර්ණය – දම්, ජය අංකය – 01

මකර

ශුභවාදී ඵල දෙයි. තම ඥාතීන් සමග සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. මිල මුදල් වැය වන කරුණු යෙදේ. නව නිර්මාණ ඇරඹීමට හේතුයි. තම පවුලේ සාමාජිකයන් දහමට යොමු කරවයි. සෙම් රෝග මතුවෙයි. ශුභ වර්ණය – තද දුඹුරු, ජය අංකය – 03

කුම්භ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. හුදෙකලාව ක්‍රියා කරයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත මිල මුදල් වැය කිරීමට සිදුවෙයි. ආදර සබඳතා වර්ධනය වෙයි. දහමට ළැදිව ක්‍රියා කරයි. වාතාධික රෝග ඇතිවන දිනකි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 05

මීන

ශුභාශුභ ඵල දෙයි. තම නිවසේ ක්‍රියාකාරකම්වල යෙදේ. ඥාතීන් සමග සුහදතාව ඇති කර ගනී. මිල මුදල් වැයවෙයි. ණයතුරුස්වලට ද හේතුයි. ආගමික ක්‍රියාවන් ගරු කරයි. ඉදිමුම් රෝගවලට හේතුයි. ශුභ වර්ණය – කහ, ජය අංකය – 09

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here