මේෂ –
ක්‍රියාකාරකම් බහුල දිනකි. සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. සතුරු බාධා ඉවත් වෙයි. උත්සව සාද වැනි දේවල් යෙදේ. නව නිර්මාණ ඇරඹීමට වැඩකටයුතු ඇරඹීමට ශුභයි. සෙම් රෝග, උෂ්ණ රෝග මතුකරයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 03
වෘෂභ –
රාජකාරි ක්‍රියා බහුල වෙයි. විනෝදජනක ක්‍රියා වැනි දේවල් යෙදේ. නවක මිතුදම් ප්‍රේම සබඳතා ඇතිවෙයි. ඇසුරුකරන්නන් අතර ප්‍රසාදයට පත්වෙයි. ධන සම්පත් ලාභ ගෙනදෙන දිනකි. මුත්‍රා රෝග, මේහ රෝග මතුකරයි. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 07
මිථුන –
රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම් යෙfදීමෙන් අවිවේකය ගෙනදෙයි. සෞන්දර්ය ක්‍රියාවන් ඇරඹීමට දියත් කිරීමට ශුභයි. උගතුන්ගෙන් වියතුන්ගෙන් උදව් උපකාර ද ලැබෙයි. බඩවැල් ආශ්‍රිත රෝග මතුකරයි. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 06
කටක –
තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් ගෙනදෙයි. පොදු සේවා, සමාජ සත්කාරක ක්‍රියා වැනි දේවල්හි මූලික වී ක්‍රියා කරයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත වැයපස ඉහළ යයි. හදිසි ධන ලාභ දේ. සිරසගත රෝග මතුකරයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 05
සිංහ –
ශුභාශුභ මිශ්‍රඵල දෙයි. අලස ගති ඉස්මතු කරයි. ලිපි ලේඛනවල යෙදේ. සුපුරුදු ක්‍රියාවන්ගෙන් තරමක් දුරස්ථව ක්‍රියා කරයි. දහමට ළැදිව ක්‍රියාකරයි. සන්ධි ප්‍රදාහ රෝග මතුවෙයි. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 01
කන්‍යා –
ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ගමන් බිමන් සීමා වෙයි. අලස ගති මතුවෙයි. ලිවීම් කියවීම් වැනි දේට මුල්තැන දෙයි. සිත් චංචල කරවන ප්‍රශ්න මතුවෙයි. මුඛ රෝග, නේත්‍ර රෝග
මතුවෙයි. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 04
තුලා –
ශුභාශුභ මිශ්‍රඵල මතුවෙයි. කෙටි ගමන්වල යෙදේ. සතුරු බලපෑම් මත සිත් චංචල කරවයි. වැයපස ද ඉහළ යයි. ආර්ථික ප්‍රශ්න
මතුකරයි. කලකිරීම් මත දවස ගෙවේ. ආමාශගත රෝග මතුවෙයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 06
වෘශ්චික –
ශුභාශූභ ඵල දෙයි. ගමන් බිමන් සීමා වෙයි. තරමක් වැයපස ඉහළ යන කරුණු කාරණා යෙදේ. දහමට ළැදිව ක්‍රියා කරයි. සිත් චංචල කරවන ක්‍රියා යෙදේ. සෙම්කෝප රෝග මතුවෙයි. ශුභ වර්ණය – ළා රතු, ජය අංකය – 02
ධනු –
ක්‍රියාශීලී දිනකි. ආගමික පුද පූජා, වතාවත් ගරු කරන අතර තම ඥාතීන් ද දහමට යොමුකරවන ක්‍රියාවන්හි යෙදේ. තරමක් මිල මුදල් වැයවන අතර හදිසි ලාභ ද සුළුවෙන් හෝ ලබයි. සෙම් බහුල රෝග මතුකරයි. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 01
මකර –
ශුභාශුභ මිශ්‍ර ඵල ගෙනදෙන අතර ප්‍රීති උත්සව, සාද වැනි දේවලට හේතුයි. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. ආගමික වතාවත්වල ද යෙදේ. අමතර ලාභ ලබයි. ආමාශගත රෝග, බඩවැල් රෝග මතුවේ. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 08
කුම්භ –
ගමන් බිමන් බහුල වේ. ආගමික කටයුතුවලට මුල් තැන දී ක්‍රියාකරයි. තම ඥාතීන් සමග සුහදතා වර්ධන කටයුතුවල යෙදේ. තෘප්තිමත්ව ක්‍රියාකරන දිනකි. හදිසි ලාභ ද ලබයි. වාතාධික රෝග මතුකරයි. ශුභ වර්ණය – දම්, ජය අංකය – 05
මීන –
වන්දනා ගමන් වැනි දේ යෙදේ. දහමට අවතීර්ණව ක්‍රියා කරයි. විනෝදජනක ක්‍රියාවන්වල ද යෙදේ. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ඉහළ යයි. අමතර ලාභ ද ලබයි. හදිසි රෝග, කැපුම් කෙටුම් යෙදේ. ශුභ වර්ණය – කහ, ජය අංකය – 09
Saru FM Media