අද දින ඔබේ දෛවය

0
5

මේෂ

ශුභාශුභ මිශ්‍ර ඵල ගෙන දෙයි. තරමක් රාජකාරි ද බහුල වන අතර අමතර ක්‍රියාකාරකම් ද යෙදේ. ආගමික උත්සව වැනි දේ සංවිධානයට සහභාගි වීමට ද හේතුයි. තරමක් වැයපස ද ඉහළ යන දිනකි. සිරසගත රෝග ද මතු කරයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 05

වෘෂභ

රාජකාරිවලදී ඉවසීමෙන් ක්‍රියා කළ යුතුය. ඇසුරු කරන්නන් නිසාම තරමක් නමට කැළැල් මතුවීමට ඉඩ තිබේ. ප්‍රේම සබඳතාවන්හි තරමක දෙදරීමකට ඉඩ තිබේ. ඉවසීමෙන් දවස ක්‍රියා කළ යුතු අතර මෞත්‍රලිංගික පද්ධතියේ රෝග මතු කරයි. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 07

මිථුන

රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම් ද යෙදේ. අවිවේකී බවක් මතු කරයි. උත්සව සාද වැනි දේවල්, විනෝදජනක ක්‍රියා යෙදේ. වැයපස ඉහළ යයි. දහමට ද ළැදිව ක්‍රියා කරන දිනකි. ලාභ ද ලබයි. ආමාශගත රෝග මතු කරයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 08

කටක

ක්‍රියාශීලි දිනකි. ගමන් බිමන් ද යෙදේ. උත්සව සාද වැනි දේවල්හි සහභාගි වෙයි. නවක මිතුදම් ඇති වෙයි. ආගමික උත්සව වැනි දේවල් සංවිධානයත් සහභාගි වීම් ආදියටත් හේතුයි. සෙම්කෝප රෝග, උෂ්ණ රෝග මතුවේ. ශුභ වර්ණය – කහ, ජය අංකය – 04

සිංහ

ශුභාශුභ මිශ්‍රඵල ගෙන දෙයි. ප්‍රීති උත්සව යෙදේ. නව නිවාස ලාභ ලැබීම්වලට හේතු ගෙන දෙයි. රැකියාවේ ප්‍රවර්ධනයට හේතුයි. හදිසි ධන වාසනා ඉස්මතු වෙයි. සන්ධි ප්‍රදාහ රෝග සාදයි. ශුභ වර්ණය – ළා දම්, ජය අංකය – 01

කන්‍යා

තරමක් ශුභඵල ගෙන දෙයි. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම්වලට හේතුයි. ව්‍යාපාරවලට බාධා මතුවෙයි. ආර්ථික වශයෙන් පහත වැටේ. සෙම් බහුල වීමෙන් රෝග සෑදේ. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 06

තුලා

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. ප්‍රබෝධවත්ව රැකියාවේ යෙදේ. භූමිලාභ සම්පත් දායක වන දිනකි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. සිරසගත රෝග ද සාදයි. ශුභ වර්ණය – ළා රෝස, ජය අංකය – 03

වෘශ්චික

ශුභවාදීව ලාභ දෙයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. හදිසි තීරණ මත ක්‍රියා කිරීම ශුභවාදී නොවේ. විනෝදජනක කටයුතුවල යෙදේ. වැයපස ඉහළ යයි. ආමාශගත රෝග සාදයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 02

ධනු

ක්‍රියාකාරකම් බහුලයි. උත්සව සාද වැනි දේවල් යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. සුහදතා වර්ධන ක්‍රියා යෙදේ. දහමට ද ළැදිව ක්‍රියා කරයි. වැයපස ඉහළයි. නහරවේදනා, ස්නායු රෝග මතු කරයි. ශුභ වර්ණය – ළා කොළ, ජය අංකය – 07

මකර

ක්‍රියාශීලි දිනකි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම් ද යෙදේ. අවිවේකී බවක් ඇති කරයි. වන්දනා ගමන්, විනෝද ගමන් වැනි දේවලට හේතුයි. ප්‍රීති සාද යෙදේ. සන්ධිගත රෝග, ඉදිමුම් රෝග මතුවේ. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 05

කුම්භ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. විනෝදජනක ක්‍රියාවන්හි යෙදෙන අතර දුර ගමන් ද යෙදේ. ආගමික වතාවත්, පුදපූජා ආදියහි යෙදේ. දුරස්ථව සිටි ඥාති මිත්‍රාදීන් සමීප වන කරුණු යෙදේ. මූල රෝග, බඩවැල් රෝග මතුවේ. ශුභ වර්ණය – දම්, ජය අංකය – 09

මීන

ප්‍රබෝධයෙන් කටයුතුවල යෙදේ. උත්සව සැණකෙළි වැනි දේවල් යෙදේ. නවක මිතුදම් ඇතිවේ. ආගමික වැඩකටයුතු සංවිධානයට හේතුයි. වැයපස ඉහළ යයි. උත්සව සාද යෙදේ. සිරසගත රෝග මතු කරයි. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 01

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here