අද තරගය දිනන්න අපි හොඳ මානසික සූදානමකින් ඉන්නවා – හර්ෂිතා කියයි

0
1

ශ්‍රී ලංකා – පකිස්තාන සටන අද

2025 කාන්තා ලෝක කුසලාන එක්දින තරගාවලියේ පළමු අදියරේ ශ්‍රී ලංකාවට හිමි අවසන් තරගය අද ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඇරඹීමට නියමිතයි.

මේ වනවිට පකිස්තාන කණ්ඩායම තරග හයකට ක්‍රීඩාකර තරග 4ක් පරාජය වී තිබෙන අතර ඉතිරි තරග 2 වර්ෂාව නිසා අතහැර දැමූ තරගයි. ඒ අනුව පකිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි තැනට වැටී තිබෙන අතර ශ්‍රී ලංකාව සමග තරගයේදී ජයග්‍රහණය ගැන වැඩි බලාපොරොත්තුක් පකිස්තානයට තබාගත නොහැකිව තිබේ.

ශ්‍රී ලංකාව මුහුණදුන් තරග 6න් තරග තුනක් පරාජයවී ඇති අතර එක් තරගයක් ජයගෙන තිබේ. ඉතිරි තරග 2ක වර්ෂාව නිසා අතහැර දැමුවේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ හය වැනි තැනට පත්ව සිටින්නේ ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙනය.

මේ වනවිට තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ද දකුණු අප්‍රිකාව සහ එංගලන්ත කණ්ඩායම් සුදුසුකම් ලබා තිබේ. ඉන්දියා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව ඉතා වැඩි අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ද අවස්ථාව නැතුවාම නොවේ. එවන් වටපිටාවක් පවතිද්දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රම මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නේ ශ්‍රී ලංකාව අද ජයග්‍රහණයට ඉතා හොඳ මානසිකත්වයකින් සිටින බවයි. ඇත්තටම අපි හොඳ සූදානමකින් ඉන්නවා. කලින් තරගය අපි හොඳින් ජයග්‍රහණය කළා. අද තරගය ජයග්‍රහණය කරන්නත් අපි හොඳ මානසික සූදානමකින් ඉන්නෙ.

අපි අවසාන තරගයෙන් පස්සෙ කණ්ඩායම් සාකච්ඡාවෙදි කතා කළා කොහොමද අපි ලකුණු අතරට එන්නෙ කියන, විශේෂයෙන්ම ඒක නායිකාව සහ පුහුණුකරුවන් කතා කළා.

කලින් තරග තුනේදීම මට හොඳ ආරම්භයක් ගන්න පුළුවන් වුණත් ඒක දිගටම කරගෙන යන්න බැරිවුණා. ඒ වගේම මගෙ අතින් කලින් තරගවල වෙච්ච අඩුපාඩු හදාගෙන අද තරගයෙදි හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනව.

අපි දැක්ක මෙම තණතිල්ලෙ කණ්ඩායම් ක්‍රීඩා කරනවා. ඒක ගැන හොඳට අධ්‍යයනය කරල අද තරගය හොඳින් කරන්න අපි බලාපොරොත්තු වෙනව.

සංස්කරණය – සුසිල් ජයකොඩි

සුසිල් ජයකොඩි – ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here