අද කොළඹ සහ අවට ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක්

0
19


ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරය හේතුවෙන් අද දිනයේද කොළඹ සහ අවට ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසනවා.

ඒ අනුව ගාලු මුවදොර, නිදහස් චතුරස්‍රය සහ බත්තරමුල්ල අපේගම පරිශ්‍රය යන ප්‍රදේශයන්හි මාර්ග අවස්ථා කිහිපයකදී වසා තැබීමට කටයුතු කෙරෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.

මෙම කාලසීමාව තුළදී රථවාහන තදබදය හා රියදුරන්ට සිදුවන අපහසුතාව අවම කර ගැනීම සඳහා රියදුරන් විකල්ප මාර්ග වෙත යොමු කිරීමට රථවාහන නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළා. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here