අද අපි ප්‍රාර්ථනා කළ දේශපාලන සදාචාරය මේ රටේ ඇතිවෙලා තිබෙනවා – ධීවර ඇමති රාමලිංගම් චන්ද්‍රසේකර්

0
16


ඔහු මේ බව පැවසූවේ යාපනය, කරෙයිනගර් ප්‍රදේශයේ ඊයේ (11) පැවති ජනහමුවක් අමතමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වූ ධීවර ඇමති රාමලිංගම් චන්ද්‍රසේකර්,
“අද අපි ප්‍රාර්ථනා කළ දේශපාලන සදාචාරය මේ රටේ ඇතිවෙලා තිබෙනවා. පැවති රජයන්වල පාලකයන් වගේ තමන් ධනවත් වෙන්න වත්මන් රජයේ නියෝජිතයන් කටයුතු කරන්නේ නැහැ. තමන්ට ලැබෙන වැටුප පවා ආපහු ලබා දෙන මහජන නියෝජිතයන් අද ආණ්ඩුවේ ඉන්නවා.
රාජ්‍ය සේවකයන්ට අද වැඩිපුර වැටුපක් හිමි වෙනවා. රජය ජනතාව වෙනුවෙන් ගත හැකි සියළු ධනාත්මක තීරණ ගන්නවා.”
මෙම අවස්ථාවට අගමැති ආචාර්ය හරිනි අමරසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ශ්‍රී භවන්, ඉලයන්කුමාර් ඇතුළු මහජන නියෝජිතයින් පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here