ශ්‍රී ලංකාවට තවත් බලාපොරොත්තු තබාගත හැකියි
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය
2025 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සවස 3.00ට ආරම්භ වීමට නියමිතය. මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින්නේ ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාවයි.
ශ්‍රී ලංකාව අද දකුණු අප්‍රිකාව සමග තරග වදින අතර තවත් තරග දෙකක් තරග කිරීමට ඉතිරිව තිබේ. ඒ බංග්ලාදේශය සහ පාකිස්තානය අතර තරගයයි.
මේ වනවිට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මුහුණ දුන් තරග හතරෙන් තරග දෙකක්ම පරාජය වී ඇති අතර ඉතිරි තරග දෙක වර්ෂාව හේතුවෙන් නවතා දැමුවා. කෙසේ වෙතත් අද තරගය ඇතුළුව තරග තුනම ශ්‍රී ලංකාව ජයගතහොත් තවදුරටත් තරගාවලියේ රැඳී සිට අවසන් පූර්ව තරගයයට අවතීරණ වීමේ හැකියාව පවතියි. පසුගියදා නවසීලන්තය සමග පැවති තරගයේදී ශ්‍රී ලංකා නායිකා චමරි සහ නිලක්‍ෂිකා සුපුරුදු රිද්මයට පැමිණීමත් සමග ඉදිරි තරග ත්‍රිත්වය ජයගැනීම අපහසු කාර්යක් නොවනු ඇත.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක් තරගයකට හෝ වර්ෂාවෙන් බාධා පැමිණ නවතා දැමුවහොත් ශ්‍රී ලංකාව පළමු වටයෙන්ම ඉවතට විසිවී යනු ඇත.
ශ්‍රී ලංකාවට මෙන්ම තරගාවලියේ ඉදිරියට යෑම සදහා දකුණු අප්‍රිකානු කණ්ඩායමටද මෙම තරගයේ ප්‍රතිඵලය තීරණාත්මක සංධිස්ථානයක් බැවින්, කණ්ඩායම් දෙකෙන්ම ඉහළ දක්ෂතාවන් අපේක්ෂා කළ හැක.
දකුණු අප්‍රිකාවට එරෙහිව තරගයත්, බංග්ලාදේශයට සහ පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගත් ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවට තවත් ප්‍රසාද ලකුණු 06 ක් හිමිකර ගැනීමේ අවස්ථාව උදාවෙයි. එසේ වුවහොත් ශ්‍රී ලංකාවේ සමස්ත ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 08 දක්වා ඉහළ යනු ඇත. මේ අතරින් අද පැවැත්වෙන දකුණු අප්‍රිකාවට එරෙහි තරගයත් ලබන 24 වැනිදා පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත තරගයත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර බංග්ලාදේශ ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැත්වෙනු ඇත.
අද තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවහොත් ප්‍රසාද ලකුණු පුවරුවේ සිව්වැනි ස්ථානය දක්වා ඉහළ යෑමට වැඩි ඉඩ කඩක් නිර්මාණ වනු ඇත. දකුණු අප්‍රිකානු කණ්ඩායමටද තත්ත්වය එසේමය. ඔවුන්ට අද තරගය අවාසිදායක බවට පත් වුවෙහාත්, ඔවුන්ටද අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබා ගැනීමට තබා තිබෙන බලාපොරොත්තු බොහෝ දුරට දුෂ්කර වන්නට ඉඩ තිබේ. මන්ද යත් ඔවුන්ට ප්‍රබල ඕස්ටේ්‍රලියානු පිලට එරෙහි තරගය ඉතිරිව තිබෙන නමුත් එය ජය ගැනීම ඔවුනට පහසු නොවනු ඇත.
ඒ අනුව බලන කල්හි ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග වලදී එම ප්‍රතිවාදී කණ්ඩායම් වලට එරෙහිව තරග වැදීමට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමට තරග වැදීමට සිදුව ඇති අනෙක් අභියෝගය වන්නේ මේ දිනවල කොළඹට ඇද හැළෙන වර්ෂා තත්ත්වයයි.
ඉන්දියාවට සහ එංලන්තයට එරෙහි තරග 2 ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුවද නවසීලන්තයට එරෙහිව ඉකුත් 14 වැනිදා පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිතිකාරිනියන් සාර්ථකත්වයට පැමිණියහ. කාලගුණය මත ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට මුහුණ දී තිබෙන අවාසනාවන්ත කාලගුණය පිළිබඳව අවධානය යොමු කරනවාට වඩා වැදගත් වනුයේ අද සිට පැවැත්වෙන තරගය ඇතුළු ඉතිරි තරග 3 ම ජය ගනිමින් අවසන් පූර්ව තරග අවස්ථාව විවර කර ගැනීමයි.
දකුණු අප්‍රිකාවට එරෙහිව අද පැවැත්වීමට නියමිත තරගය පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා පිලේ මැද පෙළ පිතිකාරිනිය වන නිලක්ෂිකා ද සිල්වා සඳහන් කර සිටියේ, ඉතිරි තරග 3 පිළිබඳව අවධානය යොමු කිරීමට වඩා තමන් ඇතුළු කණ්ඩායමේ අවධානය යොමුව ඇත්තේ හෙට තරගයට ක්‍රීඩා කිරීම පිළිබඳවයි. “මං හිතන්නේ අද මැච් එක තමයි තරග 3 ටම වඩා අපි අවධානය යොමු කරලා තියෙන්නේ. නවසීලන්තයට එරෙහිව එදා තරගය ක්‍රීඩා කරපු විදියටම අද තරගයටත් ක්‍රීඩා කළොත් මම හිතනවා අපිට හොඳ තරගයක් ක්‍රීඩා කරන්න පුළුවන් කියලා. අපිට හොඳ කණ්ඩායමක් ඉන්නවා. අපිට ආවේණික විදියට ක්‍රීඩා කළොත් මම හිතනවා අපිට අද තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා“ යනුවෙන් නිලක්ෂිකා පවසන්නීය.
සුසිල් ජයකොඩි
සංස්කරණය – සුසිල් ජයකොඩි
Saru FM Media