අදත් සවස වැසි

0
14

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (12දා) පස්වරු 01න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යමල සබරගමුවල දකුණු සහ ඌව පළාත්වලත් කළුතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය.

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here