අදත් පළාත් කිහිපයකට තද වැසි

0
11


දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවනට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් දැක්වුණේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here