පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 6 බැගින් සහ දොරටු 4ක් අඩි 4 බැගින් විවෘත කර ඇති බවය.
ඒ අනුව එම ජලාශයෙන් තත්පරයට ඝන අඩි 19,400 බැගින් දැදුරුඔයට නිකුත් කෙරෙන බව වාරියපොළ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කර සිටී.
එමෙන්ම තබ්බෝව ජලාශයේ ද වාන් දොරටු 4ක් අඟල් 3 බැගින් විවෘත කර ඇති අතර වාන් දොරටු 4ක් අඟල් 2 බැගින් විවෘත කර ඇති බව වාර්තා වෙයි.
ඉන් තත්පරයට ඝන අඩි 3,720 බැගින් මී ඔයට ජලය මුදා හරින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.
Saru FM Media









