මේ කියන්න යන්නෙ මහා ලොකුවට පොෂ් නැති බේකරි ටිකක් ගැන. මෙහෙම දෙයක් කියන්න වෙන්නෙ හේතුවක් ඇතුව. සාමාන්‍යයෙන් තමුන් ආදරය කරන කෙනා එක්ක ගමනක් යද්දි පොඩියට මොනව හරි බඩට දාගන්න හරියන්නෙ බේකරි අයිටම්ස් තියෙන කඩයක්නෙ. එනිසා ලොකුවට ග්‍රාම්‍යත් නැති, මහා ලොකු මිල ගණං එක්ක පොෂ් නැති (එක වේලක් හරි ට්‍රයි කරල බලන්න පොෂ් බේකරි ලිස්ට් එකකුත් දෙන්නං) බේකරි සෙට් එකක් ගැනයි මේ කතාව. මේ බොහොමයක් තැන් ඔබ අසා තිබුනත් ලැයිස්තුවෙන් පිටමං කරන්න බැරි නිසාම අපි ඒවා මෙහි ඉතිරි කර තබනවා.
1. The Fab

Source – thefab.lk
කොල්ලුපිටියෙ ඇතුළුව ලංකාවෙ බොහෝ තැන්වල තියෙන බේකරි සන්නාමයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. සාමාන්‍ය ජනයා එදිනෙදා සීනි බනිස් ගන්න බේකරියකට වඩා මේකෙ ගණං ටිකක් වැඩි වුනාට නිදහසේ ඉන්න, රසට කන්න, කාපු ප්‍රමාණයට සරිලන බිලක් ගෙවන්න පුළුවන් අවන්හලක් විදියට ෆැබ් එක කිසි ප්‍රශ්නයක් නැතුව හඳුන්වන්න පුළුවන්. ෆැබ් එක ගැන කියනකොට ක්‍රිස්පි චිකන් රෝල් එක ගැනත් සඳහන් කළ යුතුමයි. කට්ටිය බර්ත්ඩේ කේක් අරගන්නත් ප්‍රසිද්ධම තැනක් විදියට ෆැබ් එක තෝරගන්නෙ වසරකට වතාවක් එන විශේෂ අවස්ථාවකට කදිම නිර්මාණ එහි තියෙන නිසායි. ඒ වගේම මට්න්පයි එක, චිකන් බර්ගර් එක ගැනත් හොඳ කියන්නම පුළුවන්. බීම වෙනුවෙන් මහ ගොඩක් ඔප්ෂන්ස් නැතත් ඒ අයිස් කොෆී එකනං රසයි.
තැන් බලාගන්න පුළුවන් මෙතනින්
2. Bread Talk

Source – breadtalksrilanka.com/marketing-interactive.com
කට්ටිය පොෂ් කියල හිතුවට මීට වඩා පොෂ් බේකරි අනන්තවත් කොළඹ තියෙනවා. එනිසා තමුන් ආදරය කරන කෙනා එක්ක මොනවහරි බඩට දාගන්න යද්දි මේ වගේ නිස්කලංක තැනක් මිස් කරගන්න එක පාඩුවක්. ඒ වගේම වෙනස් රසයක් සහ ඔබ බොහෝ ආහාරවල විඳ පුරුදු පදම සහ මතුපිට විඳීම වෙනස් විදියකට අත්දකින්නට බ්‍රෙඩ් ටෝක් කදිමයි. රුපියල් හැටට තිබ්බ ෂුගර් ඩෝනට් එක (දැන් කීයද දන්නෙ නෑ) නියමම විඳීමක්. රසම රස කඩල කෑමකුත් තියෙනවා. නම චික් පී ඩිලයිට්. රසම රසයි.
කේක් ජාතිවල නම් කටට නුහුරු පිටි වගේ ටෙක්ස්චර් එකක් දැනුනත්, රෝල්ස් වගේ සේවරි අයිටම්ස් වලට බ්‍රෙඩ් ටෝක් කියාපු කඩේ. පාක් වීදියෙ, යුනියන් ප්ලේස් එකේ, නුගේගොඩ, රාජගිරියෙ, මහරගම වගේ තැන්වල බ්‍රෙඩ් ටෝක් තියෙනවා.
තැන් බලාගන්න පුළුවන් මෙතනින්
3. Royal Bakery

Source – theroyalbakery.com
ගාළු පාරෙ යනෙන මිනිහෙක් උදේට කෙටි කෑමක් කනවනං වැල්ලවත්තේ පොලීසියෙන්
ගාල්ල පැත්තට වෙන්න තියෙන බේකරියකට ඇතුළු වෙනවා. නමම රාජකීයයි. ගාලු පාරෙ යනෙන අතට පහසු ගාණකට, රහට කන්න ඕන මනුස්සයෙකුගේ මුල්ම ඔප්ෂන්ස් අතරේ රෝයල් බේකරිය තියෙනවාමයි. නියම රස සොසේජ් බන්, පුංචි පීසා, නියම සේවරි පේස්ට්‍රි, චිකන් සහ මට්න් පේස්ට්‍රි කන්න රෝයල් බේකරිය තරම් තවත් තැනක් නෑ. කඩේ හොයාගෙන ගියත් පාඩු නෑ. ටී බනිසෙ සිට ජම්බො හොට් ඩෝග් දක්වා සියල්ල රසින් අනූනයි.
තැන බලාගන්න පුළුවන් මෙතනින් –
4. Green Cabin

Source – hairstyleupdates.blogspot.com
පිටකොටුවෙ පැගෝඩා එකෙන් රෝල් එකක් කාපු මනුස්සයෙකුට රස රෝල් එකක්
තෝරගන්න ඕන කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ. ග්‍රීන් කැබින් එකේ
තියෙන්නෙත් ඒ රෝල්මයි. මහ ගාණක් යන්නෙත් නෑ. රෝල්වලට වගේම ප්‍රසිද්ධියක් පේස්ට්‍රි වලටත් තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම කෙටිකෑමක් හපන්න ග්‍රීන් කැබින් හොඳම විකල්පයක්. මහ කෑමත් තිබුනත් ග්‍රීන් කැබින් ප්‍රසිද්ධ වෙන්නෙම ඒකෙ තියෙන රස ෂෝට් ඊට්ස්වලට.
තැන බලාගන්න පුළුවන් මෙතනින් –
5. Sponge

Source – highlife.lk
බේකරි ටයිප් වැඩක් ගැන කතා කරද්දි කේක් කෑල්ලක සුපිරි රස වගේම, නියම වටේ
ක්‍රන්ච් මැද සොෆ්ට් සනීපයක් දැනෙන බනිස් රසක් තියෙන කඩයක් ගැනයි කියන්න
යන්නෙ. බේකරි අයිටම් තියෙන අනිත් කඩ එක්ක සසඳලා බලද්දි මේකෙ ගණං මිනුං නං ටිකක් වැඩි පැත්තට බර වුනත්, ඒක පොෂ් නිසා නොව කොලිටිය නිසා වුනු දෙයක්. මිනිස්සුන්ගෙ වැඩි ආසාව තියෙන්නෙ චිකන් රෝල්ස්වලට. එයාලම හදන සෝස් එක නිසා දැවිල්ල කෑමක් කද්දි වෙනිං තැන්වලට වඩා රසක් දැනෙනවා. චීස් සොසේජ් බන් එකත් රස නහර පිනා යන කෑමක්. බීම වර්ගත් තෝරාගැනීමට තරම් විකල්ප රැසක් එක්ක තියෙන නිසා ස්පොන්ජ් හදිසි කෑමකට ගොඩවදින්න මරු.
තැන බලාගන්න පුළුවන් මෙතනින් –
6. Sen-Saal

Source – mapio.net/hospitality.lk
මිනිස්සු සාමාන්‍යයෙන් ෆේස්බුක් පේජ්වලට ඇවිත් බැනලා යන තැන් අතරෙ ඉහළින්ම තියෙන අවන්හලක් තමයි සෙන්සාල්. හැබැයි අපි ඒක අපේ ලැයිස්තුවට දාන්නෙ ඔය බනින කොයි මනුස්සයාවත් බනින්නෙ සෙන්සාල් එකේ බේකරි අයිටම්ස් වලට නොවෙන නිසායි. ඒ තරමට රස බේකරි අයිටම්ස් තොගයක් කොළඹ වටේම තියෙන සෙන්සාල් අවන්හල්වල වට්ටි පුරෝලා තියෙනවා. චීස් කේක්, චිකන් චීස් රොටි, කිඹුලා බනිස්, ඩෝනට්, මෆින් වගේ කෑම තොගයක් තියෙන සෙන්සාල් එකේ කිඹුලා බනිස් ගැන විශේෂයෙන් කියන්න ඕන. සමස්ථ කිඹුල් ප්‍රජාව ගැන ආදරේ හිතෙන රසක් ඒකෙ තියෙනවා. ඕකත් එක්ක නියම ජින්ජර් ටී එකක් ගැහුවනං දෙයියෝ… ආ… චීස් කේක් එකෙත් සැළකිය යුතු රසක් තියෙනවා.
තැන බලාගන්න පුළුවන් මෙතනින්
7. Perera and Sons

Source – youtube.com/mapio.net
මේ නං ඉතින් හැම තැනම තියෙන තැනක්නෙ. හොඳට බඩ පැලෙන්න කෑම කන්න
පුළුවන් අඩු ගාණකට. බීෆ් බන් එක තමයි මෙතනින් රසටම දිව සනහන්නෙ. ඊට
අමතරව ප්ලේන් ඩෝනට් එකෙත් හොඳ රහක් තියෙනවා. මහා ලොකු පැණි රසකුත් නැහැ. බඩත් පිරෙන්න, ලේසියෙන්ම කන්න පුළුවන් කෑම එක තමයි ඇපල් කේක් එක. ඔය ඔක්කොම අස්සට අයිස්ඩ් කොෆී එකේ තියෙන රසත් මතක් කරන්න ඕනමයි. මොකද පෙරේරා ඇන්ඩ් සන්ස් ගිහින් කෑමක් කන ඕනම කෙනෙක් ඒ රස හෝදලා යවාගන්න තෝරගන්නෙ එයාලගෙ සිග්නේචර් අයිස්ඩ් කොෆී කප් එක.
තැන් බලාගන්න පුළුවන් මෙතනින්
8. Little Star

Source – zomato.com
මේක තියෙන්නෙ ඉතිං කොළඹ කිවුවට කොළඹම නෙමෙයි. ගල්කිස්සෙ. හැබැයි කොළඹ ඉඳන් ඇවිල්ල කාලා ගියත් පාඩු නැති රස රැසක් තියෙන කඩයක් කියල කිසි බයක් හැකක් නැතුව කියන්න පුළුවන්. නියම රස පීසාවල ඉඳන් උදුනක හැදෙන හැම පාන් වර්ගයක්ම වගේ ලිට්ල් ස්ටාර් එකේ පිරිලා තියෙනවා. දැවිල්ල ජාති, පැණි රස ජාති කියල වෙනසක් නෑ. පිටරට කෑම ජාති වගේම ලංකාවේ පාරම්පරික කෑම ජාති කියල වෙනසක් නෑ. වවාගෙන කන්න පුළුවන් ජාති ටක් ටක් ගාලා කන්න පුළුවන් ජාති කියල වෙනසක් නෑ. ලිට්ල් ස්ටාර් කියන්නෙ කෑම ලෝලියෙක් යා යුතුම අවන්හලක්.
තැන බලාගන්න පුළුවන් මෙතනින් –
9. Paan Paan

Source – paanpaan.com
තරමක් ගණං හිලවු වැඩි වුනාට නමේ ඉඳන්ම බේකරි ගතිය තියෙන, වචනේ පරිසමාප්ත අර්ථෙන්ම පාන් ජාති කන්න නං කියාපු තැනක්. මෙයාලා පිට ඔපයට වඩා ෆිලින් එක ගැන හිතනවා. සැන්ඩ්විචස් සහ සබ්මැරීන්ස්වල තියෙන්නෙ පුදුම රසක්. ඒ හොඳට මැරිනේට් කරලා දාලා හදපු මාංශවල තියෙන කොලිටිය හින්දම තමයි. ඒ වගේම පොඩි ළමයෙකුට වුනත් කන්න නියම රස චීස් සැන්ඩ්විචස් මෙතන තියෙනවා. බල්ක් අරගන්නවා නං ලාබදායී ඔප්ෂන්ස් රැසක් පාන් පාන්ලගෙ වෙබ් එක සර්ච් කළොත් හොයාගත හැකියි.
තැන බලාගන්න පුළුවන් මෙතනින්
Cover Image Source – paanpaan.com
The post අතේ ඇති ගාණට කන්න කොළඹින් බේකරි ජොයින්ට් 9ක් appeared first on Lifie.LK.
Saru FM Media